වටරැක සිරකරුවන් ගුටි කෑවේ වැඩට ගිහින් එන ගමන්! බන්ධනාගාරය කියයි

prison in sri lanka

තලාහේන බස් රථයක සිටි බන්ධනාගාර රැඳවියන් පහර දෙන වීඩියෝපටයක් හා විවිධ අදහස් සමාජ මාධ්‍යවල ප්‍රචාරය වුවත් ඔවුන් කිසිවෙකු කිසිදු කඩාකප්පල්කාරී ක්‍රියවකට හෝ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට හෝ සම්බන්ධ වූ අය නොවන බව බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.

ඔවුන් සිවිල් ඇඳුමෙන් සැරසී සිටි සිරකරුවන් බැවින් ඒ අවස්ථාවේ ප්‍රචණ්ඩාකාරීව හැසිරුණු පුද්ගලයින් සැක සිතා ඔවුන්ට පහර දී ඇති බවත් ඒ මොහොතේ ඇති වූ කලබලකාරී තත්ත්වය මත සිරකරුවන් 181 දෙදෙනාගෙන් 58 දෙනෙකු පැන ගොස් ඇති බවත් ඔහු සඳහන් කළේය.

ඊයේ දිනයේ බන්ධනාගාර රැඳවියන් 181 දෙනෙක් වටරැක බන්ධනාගාර වැඩ කඳවුරේ සිට වැඩ සහන ක්‍රමය යටතේ මාගා ආයතනයටත් සේලැක් ආයතනයටත් අයිකොනික් ආයතනයටත් රැගෙන ගියා. වැඩ සහන ක්‍රමය යටතේ ඔවුන් සමාජ ගත කිරීම ඉතා වැදගත් අරමුණක් නිසා දැන් වසර ගණනවාක් තිස්සේ ඔවුන් බන්ධනාගාර නීති යටතේ වැඩපළවල්වලට රැගෙන ගියා. ඔවුන් සාමාන්‍ය සමාජය හමුවේ අසීරුවට පත් නොවෙන්න ඔවුන්ව එක්ක යන්නේ සිවිල් ඇඳුමෙන් සාමාන්‍ය පුරවැසියන් විදියට.. ඔහු සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වැඩ අවසන් කර යළි පැමිණෙද්දී ඔවුන්ට සිදු කළ පහර දීම හේතුවෙන් සිරකරුවන් සේම බන්ධනාගාර නිළධාරීන් ද තුවාල ලබා රෝහල්ගත කර ඇති බව සඳහන් කරන කොමසාරිස්වරයා පැන ගොස් ඇති සිරකරුවන් යළි බන්ධනාගාරගත කිරීමට ජනතා සහය ද ඉල්ලා සිටියේය.


Exit mobile version