වකුගඩු රෝගීන් සදහා සිදුකරන රුධිර කාන්දු පෙරණ ප්‍රතිකාර අඩපණ වෙයි!

වකුගඩු රෝගීන් සඳහා සිදුකරන රුධිර කාන්දු පෙරණ  ක්‍රියාවලියට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණවන “නීඩ්ල්ස්” සහ “ඩයලයිසර්” හිඟය හේතුවෙන් දිවයින පුරාම රෝහල්වල රුධිරකාන්දු පෙරණ ප්‍රතිකාරය  ඇණහිට ඇතැයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග හෙළි කරයි.

පවතින වෛද්‍ය උපකරණ හිඟය හේතුවෙන් රුධිර කාන්දුපෙරණ ප්‍රතිකාරය සඳහා මේ වනවිට යොමු කරන්නේ අධි ජීවිත අවදානම් සහිත පුද්ගලයින් පමණක් බව ද වාර්තා වේ.

මේ තත්ත්වය සතියකට වැඩි කාලයක් තිස්සේ පවතින බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග කියයි.

රුධිර කාන්දු පෙරණ ප්‍රතිකාරය  පුද්ගලික රෝහලකින්  ලබා ගැනීම සඳහා රුපියල් 11000කට වැඩි මුදලක් වැය වන බවත් මේ වනවිට පුද්ගලික රෝහල්වලත් එම ප්‍රතිකාරය සඳහා තදබදයක් ඇති වී තිබේ.


සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත ප්‍රකාරව  වකුගඩු රෝගීන්ගෙන්   රුධිර කාන්දුකරණය සඳහා යොමු කළ යුතු යැයි සැලකෙන රෝගීන් සංඛ්‍යාව 4000 -6000ත් අතර පවතී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව කළ විමසීමක දී සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසුවේ උපකරණවල යම් හිඟයක් පැවතුනත් තත්ත්වය කළමනාකරණය කරගත හැකි බවය.

Exit mobile version