ලෝක වෙළෙඳ පොලේ මිලෙන් තුනෙක් එකකට නිපදවන ඉන්දීය වෛද්‍ය උපකරණ

medical

ලොව පවතින අධිතාක්ෂණික වෛද්‍ය උපකරණ ජාත්‍යන්තර මිලෙස් තුනෙන් එකක අගයකට නිපදවීමේ හැකියාව ඉන්දියාව සතුවන බව එරට විද්‍යා සහ තාක්ෂණික අමාත්‍ය ජිතෙන්ද්‍ර සිං පවසයි.

ඒ අනුව ඉන්දියාවට ලොව තාක්ෂණ ලෝකය මෙන්ම වෛද්‍ය උපකරණ නිපදවීමේ දැවැන්තයකු බවට පත්වීමේ හැකියාව පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

විද්‍යා හා තාක්ෂණික අමාත්‍යවරයා විසින් මේබව ප්‍රකාශ කර ඇත්තේ පසුගියදා නව වෛද්‍ය උපකරණ සම්බන්ධයෙන් වූ තාක්ෂණික ආයතනයක් විවෘත කිරීමේ උත්සවයකට එක්වූ අවස්ථාවේදීය.


මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ලොව ඉහළම ගුණාත්මකභාවයෙන් යුත් වෛද්‍ය උපකරණ ජාත්‍යන්තර වෙළෙඳ පොළේ මිලෙන් තුනෙන් එකකට ඉන්දීය ජනතාවට ලබා ගැනීමට හැකියාව නිර්මාණය වී ඇති බවත් එය ඉන්දීය වෛද්‍ය තාක්ෂණය මෙන්ම සෞඛ්‍ය අංශයේදී ගුණාත්මක භාවය ඉහළ දැමීමට හේතුවී ඇති බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි විසින් හදුන්වාදුන් ඉන්දියාව ස්ව්‍යං පෝෂිත රාජ්‍යක් බවට පත්වීමේ වැඩසටහනේ ප්‍රගිතිය මෙම වෛද්‍ය උපකරණ ඉතා අඩු මිලකට නිපදවීමේ හැකියාව නිර්මාණය වීම මගින් මානව සානාථ කරන බවද අමාත්‍යවරයා පෙන්වාද දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෝදි අග්‍රාමත්‍යවරයා විසින් වෛද්‍ය උපකරණ නිපදවීමේදී ඇතිව තිබූ ගැටලු සහ අභියෝග විසදීමට 2017 කටයුතු කළ බවත් එහි සාර්ථකත්වය අදවන විට ඇස්පනාපිට සනාථ වී ඇති බවටද සඳහන් කළේය ඒ අනුව අදවන වට පෞද්ගලික අංශයටද මේවන විට සිය ආයෝජනයන් පහසුවෙන් කිරීමට අවස්ථාව හිමිවී ඇති බවත් එය ඉන්දීය ආර්ථිකයටද විශාල පිටුවහලක් වී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Exit mobile version