ලෝක ධීවර දිනය දා ඉන්දීය ධීවර කොල්ලයට එරෙහිව මන්නාරමේ විරෝධතා…

දිනසේන රතුගමගේ –

ලෝක ධීවර දිනය යෙදුණු ඊයේ (21)  මුලතිව් ධීවර ජනතාව ඉන්දීය ධීවරයින්ගේ උතුරු මුහුද ආක්‍රමණය කිරීමේ ක්‍රියාවට විරෝධය පල කරමින් මුලතිව් නගරයේ   පෙළපාළි ගියහ.

ඔවුන් කියා සිටියේ ඉන්දීය ධීවරයින් නිසා තමන්ට මසකට රුපියල් කෝටි හතළිහක   පමණ අලාභයක් සිදු වන බවය

මුලතිව් එක්සත් ධීවර සංගමය  විසින් මේ සම්බන්ධයෙන් ලියන ලද ලිපියක් ජනාධිපතිවරයාට හා ධීවර අමාත්‍යවරයාට ද යැවීම සඳහා මුලතිව් දිසාපති කාර්යාලය වෙත බාර දුන් අතර එම ලිපියේ උතුරේ ධීවරයින්ට ඉන්දීය ධීවරයින් නිසා විඳීමට සිදුව ඇති දුක් ගැහැට සියල්ලම  සඳහන් කොට තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර මන්නාරමේ ධීවර ජනතාව ලෝක ධීවර දිනය සැමරීම සඳහ ධීවර ගීත, නැටුම් ගැයුම් වලින් සමන්විත විශේෂ විවිධ ප්‍රසංගයක් පැවැත්වූ අතර මන්නාරමේ රාජ්‍ය  නිලධාරීන් හා වෙනත් සංවිධානවල විශාල පිරිසක් එම සංස්කෘතික උත්සවය නැරඹීමට පැමිණ සිටියහ.


Exit mobile version