ලොව වයස්ගතම නිවුන්නු දෙපල

ලොව වයස්ගතම නිවුන්නු දෙදෙනා ලෙස ජපානයේ වෙසෙන සොයුරියන් දෙදෙනෙකු ගිනස් ලෝකවා‍ර්තා පොතට එක්ව තිබේ.

වයස අවුරුදු 107යි දින 300ක් වයසැති උමෙනො සුමියාමා සහ කොවුමෙ කොඩාමා දෙදෙනා  මින් පෙර ජපාන නිවුන් සොයුරියන් දෙදෙනෙකු වූ කින් නරිටා සහ ජින් කානී තැබූ වාර්තාවක්ම බිඳ හෙලීමද විශේෂත්වයකි.

උමෙනො සහ කොවුමෙ 1913 වර්ෂයේ නොවැම්බර් 5 වැනිදා උපත ලබා ඇති අතර ඔවුන් දෙදෙනා ඉතා මිත්‍රශීලී තැනැත්තියන් බවද වාර්තාවේ.


මේ වන විට අදාල සොයුරියන් දෙදෙනා ස්ථාන දෙකක ජීවත්වන අතර පවතින වසංගත තත්ත්වය හමුවේ ඔවුන්ගේ ගිනස් සහතික සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව ලබාදීමට කටයුතු කර ඇති බවද සඳහන්‍.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උමෙනා දරුවන් සිව්දෙනෙකුගේ සහ කොවුමේ දරුවන්ට තිදෙනෙකුගේ ආදරණීය මවුවරුන් වන අතර ඔවුන්ගේ මෙම නව වාර්තාව පිළිබඳ සැලවූ විට ඔවුන් ඒ සිය වයස පිළිබඳ හාස්‍යට ලක්කර ඇති බවද පවුලේ සාමාජිකයන් පවසයි.
 
ජපානයේ ආයු අපේක්ෂාව සාපේක්ෂව ඉහළ අගයක් ගන්නා අතර සාපේක්ෂව  එරට විශාල වයස්ගත ජනගහනයක් ජීවත්වේ.

Exit mobile version