ලොකු ළූනු ආනයනයේදී බද්දක්

ලොකු ලූණු ආනයනය කිරීමේදී ඊයේ රාත්‍රී 12 සිට රුපියල් 40ක බද්ධක් පනවා තිබේ.

දේශීය ගොවියා ශක්තිමත් කිරීමේ අරමුණෙන් රජය මෙම තීන්දුව ගත් බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.


ඊයේ දින කැබිනට් මණ්ඩලයේදී මුදල් අමාත්‍යවරයාට මෙම යෝජනාව ඉදිරිපත් කරමින් ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන ඇත.

මෙරට ලොකු ලූණු ජාතික අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 2,90,000ක් බවද කෘෂිකර්ම අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ වන විට ගොවීන් ලොකු ලූණු අස්වැන්න නෙළන බවද, මේ සදහා බද්දක් අය නොකළ අතර රුපියල් 15ක් මෙතෙක් ගෙවූ බව සිහිපත් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මෙම මාස දෙකේ ලොකු ලූණු මෙට්‍රික් ටොන් 60,000ක් වෙළදපොළට එන බවයි.

මෙවැනි අවස්ථාවක ලොකු ලූණු ආනයනයට පියවර ගතහොත් එය දේශීය ගොවියාට ගැටලුවක් වන බව සලකා මෙම තීරණය ගත් බව සිහිපත් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉදිරි මාස දෙකෙහි දේශීය ලොකු ලූණු ගොවීන්ට කිසිදු ගැටලුවක් ඇති නොවන බවද, ඔවුන්ගේ නිෂ්පාදන සදහා හොද මිලක් හිමිවන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා අවධාරණය කළේය.

Exit mobile version