ලොක් ඩවුන් ප්‍රදේශවල දරුවන්ට තවමත් චැනලින් ප්‍රතිකාර තහනම්…

ශ්‍රියානි විජේසිංහ

නිරෝධායනයට ලක් වූ දරුවන් හා ලොක් ඩවුන් කළ ප්‍රදේශවල දරුවන්ට පුද්ගලික චැනලින් සේවාවන්ගෙන්  ප්‍රතිකාර ලබා ගැනිම තවදුරටත් තහනම් වේ.

තවද විදේශ රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයන් සමග ඥාති සබඳතාවක් පවතින පුද්ගලයන්ට ද පුද්ගලික රෝහල්වල චැනල් සේවාව  ලබා ගත නොහැකිය.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරන්නේ අනෙකුත් රෝගී දරුවන් පරීක්ෂා කරීමේ දී ද වෛද්‍යවරයා ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් පළඳින බවය.  ඔහු පවසන පරිදි රෝගී දරුවා සමග වෛද්‍යවරයා වෙත පැමිණිය හැක්කේ එක් පුද්ගලයෙකුට පමණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීටරයක් දුරින් සිට රෝගී තත්වය විමසුව ද දරුවා පරීක්ෂා කර බැලීමට ලංවන බැවින් ස්වසන අපහසුතා පවතින දරුවන්ට චැනල් සේවාවන්ගෙන් ප්‍රතිකාර නොකරන නමුත් ඔවුන් වෙනුවෙන් ආරක්ෂිත  ක්‍රමවේදයකට ප්‍රතිකාර සලසන බව වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

Exit mobile version