ලොක් ඩවුන් නිසා නොක්ඩවුන් වුනු චීන ආර්ථිකය

චීනයේ නිෂ්පදන මේවන විට සීඝ්‍රයෙන් පහත වැඩී ඇති බවත් එම මට්ටම 2020 වර්ෂයේ පෙබරවාරි මාසයට පසු වාර්තා වූ පහළම අගය බවටත් චීන දත්ත වාර්තා අනාවරණය කරයි.

මේවන විට චීනයේ ප්‍රධාන නගර කිහිපයක දරුණු ලෙස කොරෝනා වසංගතය පැතිරයාමත් සමඟ එම නගර වසා දැමීමට තීරණය කිරීම හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී තිබේ. ඒ අනුව ඇතැම් නගර වල නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ ඇණහිටී ඇති බවදට වාර්තාවෙ.

චීනයේ ජාතික සංඛ්‍යාන කාර්යාංශයේ ජේ්‍ය්ෂ්ඨ නිලධාරියෙකු වන සාඕ කුයින්ග්හේ පෙන්වා දෙන්නේ ඇතැම් කාර්මාන්ත වල නිෂ්පාදන කටයුතු විශාළ වශයෙන් ඇණහිටි ඇති බවත්ය. එහිදී පවතින සංචරන සීමා මෙම නිෂ්පාදන පහළ යාමට හේතුවී ඇති බවද ඔහු පෙන්වාදෙයි.


බීජිං පාලනය විසින් දැඩි කොරෝනා මර්ධන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනු ලබන අතර වෛරසය පැතිරයාම වැලැක්වීමට ගතහැකි ඕනෑම දැඩි තීරණයක් ගැනීමට ඔවුන් සූදානම්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් මේ තත්ත්වයක් සමඟ චීනය තුල සිය නිෂ්පාදන කටයුතු කරන ඇපල් ඇතුලු සමාගම් රැසක් දැඩි අභියෝගයකටද මුහුණ දී තිබේ. මේ අතර චීනයේ කොරෝනා ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර ඒ අනුව චීන රජය විසින් මෙම තත්ත්වය පාලනය කිරීමට සංචරණ සීමා දැඩි කිරීමටද පියවරගෙන තිබේ.

Exit mobile version