ලේත් මිදි ගල්වෙන ලෝකයේ ශිතලම නගරයේ බිහිසුණුම ශිත සමයක් ගෙවන මිනිස්සු…

මේ ලියන මොහොත වනවිට යකුට්ස් නුවර උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක -54 කි. ඊයේට වඩා තත්ත්වය නරකය. ඊයේ උෂ්ණත්වය අංශක -48කි. ඔබ දන්නා හොඳම අධිශිතකරණයක් තුළවත් මේ තරම් සීතලක් නැත. 

යකුට්ස්ක් හි එළිමහන් වෙළෙඳසලක් (2023.01.15)

හීතලේ ලේ ගල්වී මැරී මිනියත් අධි ශීතවන මරණීය සීතල නගරය ඇත්තේ ආක්ටික් කවයට දකුණින් කිලෝ මීටර 450ක් (සැතපුම් 280) පමණ දුරිනි.

ඇන්ටාක්ටිකාවට මෙපිටින් මිහිපිට ඇති ශීතලම ජනාවාසය මෙයය. සියවස් හතරක අතීතයේ මේ නගරය පිටිවහල් කළ මිනිසුන් සීතලෙන් මැරෙන්නට හළ කටුක භූමියකි. යකුට්ස්ක් රුසියාවේ සකා ජනරජයේ අගනුවරය. මොස්කව් නගරයේ සිටි කිලෝ මීටර 5000ක් පමණ දුරින් පිහිටි රුසියාවේම කොටසක්වන සයිබීරියාවට අයත්ය. නගරය පතල් කර්මාන්තයෙන් පෝෂණය වේ. 2021 කළ සංගණනයේදී නගරයේ 355,443 ක ජනගහනයක් වාර්තා විය.

අඛණ්ඩව නිත්‍ය හිම වලින් වැසී ඇති යකුට්ස්හි මේ ගත වන්නේ දීර්ඝතම ශීත කාලය ය. නොවැම්බර් සිට පෙබරවාරි තෙක් – 40ක දල සාමාන්‍යයක් සහිත එම ශීත ඍතුව ගෙවෙන්නේය. බිමේ වාර්තා වී තිබුණු අඩුම උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක -64.4කි.


උෂ්ණත්වය දළ වශයෙන් සෙන්ටිග්‍රේඩ් අංශක 25ක 30 අතර වැඩිවන එක් මාසයක් තිබේ. ඒ ජූලි මාසය ය. මැයි සිට සැප්තැම්බර් දක්වා මාස 04 මේ නගරයට උණුසුම් මාසය. උණුසුම් මාසවලත් රාත්‍රී උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 2 දක්වා පහළ යන්නේය.

යෙගෝර් ඩයච්කොව්ස්කි (45), යකුට්ස්ක් හි හිම සහිත දිනයක එළිමහන් වෙළඳපොළක සිට – රොයිටර් පුවත් සේවය

අසාමාන්‍ය ලෙස දිගු සීතලක් පවතින යකුට්ස්ක් හි මෙම සතියේ උෂ්ණත්වයේ සාමාන්‍යය සෙල්සියස් අංශක සෘණ 50 දක්වා පහත වැටී ඇත්තේය.

යකුට්ස් නගරයේ වැසියන්ගේ මේ සතියේ ජීවිත අත්දැකීම සම්බන්ධව රොයිටර් පුවත් සේවය පෙරේදා (15) කෙටි වාර්තාවක් සපයා තිබිණි. ඔවුන් ඒ  මිනී මරණ සීතල ගැන ලෝකයට කීවේය.

“ඔබට ඒ සීතල සමඟ සටන් කළ නොහැකියි. ඔබ එක්කෝ ඔබට ඒ අනුව ඇඳුම් අඳිමින් ඊට හැඩගැහෙන්න වෙනවා. නැතිනම් ඒ මහා දුක විඳින්න වෙනවා . පිටත ස්කාෆ් දෙකක්, අත්වැසුම් යුගල දෙකක් සහ තොප්පි ගණනාවකින් ඔබට සැරසෙන්න වෙනවාමයි. “ එසේ කීවේ ඇනස්ටසියා ගෘස්දාව් ය .

” එහෙම ඇඳුම් අඳින්න ගත්තම ඔබට ඇත්ත වශයෙන්ම නගරයේ සීතල දැනෙන්නේ නෑ. එසේත් නැතිනම් මොළය ඔබව ඒ සඳහා සූදානම් කරනු ඇති. සියල්ල සාමාන්‍ය බව ඔබට කියයි,” ඇය අයිස් මීදුමෙන් වැසී ගිය නගරයට උණුසුම් සුසුම් එකතු කළාය.

ශීතකරණයක් හෝ අධිශීතකරණයක් නොමැතිව වෙළඳපොලක ශීත කළ මාළු අලෙවි කරන තවත් පදිංචිකරුවෙකු වන නුර්ගුසන් ස්ට්‍රොස්ටිනා පැවසුවේ සීතල සමඟ කටයුතු කිරීමට විශේෂ රහස් නොමැති බවය.

“උණුසුම් ලෙස අඳින්න,”

හරියට ගොවා ගෙඩියක ස්ථරවලවගේ… ඇය පැවසුවාය

මාළු වෙළෙන්දෙකු වන මරීනා ක්‍රිවොලුට්ස්කායා සහ මරියානා උගයි යකුට්ස්ක් වෙළෙඳපලක සීතලට ගල්වුන මාළු එළිමහනේ අලෙවි කරමින්..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.

Exit mobile version