ලෙබනන් තානාපතිනියට මල විකාර… ලෙබනන් ලාංකිකයෝ කියති…

පසුගිය සතිය තුළ මිය ගිය ශ්‍රී ලාංකිකයන්...

දින 07ක් තුළ කොවිඩ් ආසාදනයෙන් ලාංකික කාන්තාවන් තිදෙනෙක් මිය ගොස් තිබිය දී ක්ෂේත්‍රයට ගොස් කළ යුතු රාජකාරිත් ඔන් ලයින් කරන ලෙබනන් තානාපතිනිය සංවිධානය කළ ඔන් ලයින් සංගීත සැනකෙළියක් ලෙබනන් වෙසෙන ශ්‍රී ලාංකිකයන් දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබේ.

මෙම ඔන් ලයින් සංගීත සැනකෙළිය පවත්වා ඇත්තේ ශ්‍රී ලාංකික කාන්තාවන් 02ක් කොවිඩ් ආසාදනයෙන් මිය ගිය පසුගිය 16 වැනිදා වීම නිසා මේ විරෝධතාවය ඉතාම දැඩි සේ මතුව ගොස් ඇත.

මුලුමනින්ම ආර්ථිකය බිඳවැටුණු රටක සිට දහදුක් විඳිමින්   උපයාගන්නා මුදල්වත් ලංකාවට  එවිය නොහැකි, සමාජ ආර්ථික අතින් දැඩි පීඩාවට පත්ව සිටින ලෙබනන්හි බොහෝ ශ්‍රී ලාංකිකයන්ට ගීත අසන්නට මානසිකත්වයක් නැතැයි ඔවුහු පවසති. දැනට සති තුනක් තිස්සේ ලෙබනනයම වසා දමා ඇති බවත් වැඩක් ලබා ගැනීමට නොහැකි ශ්‍රී ලාංකික කාන්තාවන් කාමර කුලියවත් ගෙවා ගත නොහැකිව බඩගින්නේ පසුවන බවත් ලංකාසර ඇමතූ ලෙබනන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් වන ඩබ්ලියු.ඩී.ඒ. සුසන්ත  පැවසුවේය.


සමාජ මාධ්‍යය ලෙබනන් තානාපතිවරිය විවේචනය කර තිබුණු අයුරු…

මේ ලාංකිකයන් සතුටු කරන්නට අවශ්‍ය නම් සිංදු කීම පසෙක තබා රාජ්‍ය බැංකුවක් හා කතා කර අතේ ඇති ඩොලර් 100 හෝ ලංකාවට එවන ක්‍රමයක් සලසා දෙන ලෙසත්, ශ්‍රී ලංකා රජය හා කතා කර දැනට ලංකාවට පැමිණීම සඳහා ලියාපදිංචි වී සිටිනා පිරිසට ලංකාවට යෑමට අවශ්‍ය වැඩපිළිවෙළ නිර්මාණය කරන ලෙසත්, අඩුම තරමින් ලාංකිකයෙක් මරණයට පත් වූ විට ක්ෂේත්‍ර රාජකාරි ඔන් ලයින් නොකර මිනිසුන් අතරට ගොස් ඔවුන් සැබෑ ලෙසම  හඬ පටයක් නිකුත් කරමින් ලෙබනන්හි වසන  ලාංකිකයන් වෙනුවෙන් ඔහු ඉල්ලා සිටියේ.

“ ලීරා එකේ අගය පහත වැටිලා. ඉස්සර අපිට ඩොලර් 100කට හොයන්න ලීරා එක් ලක්ෂ පනස් දාහයි. දැන් ලීරා ලක්ෂ අට හමාරක් විතර හොයන්න ඕන ඩොලර් සීයකට. ආර්ථිකය කඩාගෙන වැටිලා… වෙනද තරම්වත් වැඩ නෑ. මේ රටේ ඉන්නෙ ඔක්කොම ගෘහ සේවිකාවො සහ කම්කරු වැඩ කරන්න පැමිණි පිරිමි.   ලංකාවට කීයක් හරි එවාගන්න මොන තරම් අමාරුද දන්නේ අපි. දැනටත් මේ රටේ ලාංකිකයො තිස් දාහක් විතර ඉන්නවා.  ඔවුන් වෙනුවෙන් කරන්න පුලුවන් සාධාරණයක් කරන්න… මැදපෙරදිග අසරණම වෙලා ඉන්න මිනිස්සු ඉන්නේ ලෙබනනයෙ…“ ඔහු වැඩිදුරටත් කීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඥාති සමූහයා නැති නන්නාඳුනන දුරු රටක තමන්ගේම පන්තියේ වැඩ කරන අසරණයින් පිරිසකගේ අඳෝනා මැද ලෙබනනයේ දී කොවිඩ් වෛරසය ආසාදනය වී අවසන් ගමන් යන කාන්තාවක්….

Exit mobile version