ලුණු භාවිතය නිර්ද්ශිත ප්‍රමාණයට වඩා 3 ගුණයක් වැඩියි…  රටේ වැඩිහිටි  පිරිමිගෙන් තුනෙන් දෙකකට, ගැහැණුන්ගෙන් අඩකට අධි රුධිර පීඩනය…

ශ්‍රියානි විජේසිංහ  –                                        

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන් අනුව දිනකට පුද්ගලයෙකු භාවිත කළ යුත්තේ ලුණු ග්රෑම් 5ක ප්‍රමාණයක් (තේහැන්දක් ) වුවද ලංකාව තුළ පුද්ගලයෙකු දිනකට ලුණු ග්රෑම් 14.2ක් භාවිතා කරන බව වසර 2021දී කරන ලද සමිීක්ෂණයකදී හෙළි වී ඇති බවත් මේ තත්ත්වය තුළ ලාංකික සමාජයේ අධි රුධිර පීඩන තත්ත්වය ඉතා ඉහළ අගයක පවතින බවත්  ප්‍රජා වෛද්‍ය විශේෂඥ ෂෙරීන් බාලසිංහම්   සඳහන් කරයි.

ලංකාවේ ලුණු භාවිතය සම්බන්ධව විමසීමට අදාල සමීක්ෂණය සදහා වයස අවුරුදු 18 – 69 අතර   පුද්ගලයින්   6700ක් දෙනා සහභාගිකරවා ගත් අතර ඉන් පිරිමි පුද්ගලයින්ගෙන් සියයට 62ට සහ කන්තාවන්ගෙන් සියයට 48ක් අධිරුධිරපීඩනයෙන් පෙළෙන බව හෙළි  වූ බව ඇය පැවසුවාය.

ඇය මේ බව සඳහන් කරන්නේ අද (17)ට යෙදී  තිබුණු  ලෝක අධි රුධිර පීඩනය දිනය සම්බන්ධයෙන්   සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ  පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමනි. 

අධිරුධිර පීඩනය ඇති පුද්ගලයින්ට එය හදුනා ගැනීමට නොහැකි වන්නේ එහි රෝග ලක්ෂණ කිසිවක් පෙන්නුම් නොකරන නිසා යැයි ඇය කීවාය.  අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානි සිදු වූ පසුව රෝග ලක්ෂණ මතුවීම මෙහි බරපතල   බවත් එය නැවත නිවැරදි කිරිමට අසීරු බවත් ඇය පෙන්වා දුන්නාය.


කෙසේ නමුත් වසර 2025 වනවිට මෙරට සිදුවන අකල් මරණවලින් සියයට 25ක් අඩුකර ගැනීමේ අපේක්ෂාවෙන් ජනතාව අතර ලුණු භාවිතය අවම කරලීමේ කටයුතු ආරම්භ කරමින් දැනුවත් කිරිමට පටන්ගෙන ඇතැයිද උතුරු කොළඹ  ශික්ෂණ රෝහලේ පෝෂණ වෛද්‍ය විශේෂඥ මාලිකා උඩගෙදර   පැවසුවාය  

අප ගන්නා ලුනු වලින් සියයට 70ක් ලැබෙන්නේ නිවසේ පිළියෙළ කරන ආහාර පාන වලින් බවත් ඉතිරිය පිටතින් ගන්නා ආහාරවලින් ලැබෙන බවත් ඇය පෙන්වා දුන්නාය.

ලුණු භාවිතය වැඩිවිම  හෘදයාබාධ, ආඝාතය, වකුගඩු අකර්මන්‍ය වීම, ඇස්පෙනීමේ දුර්වලතාවන් ඇතුලු රෝග ගණාවක් ඇතිවීමට    හේතු වන්නේ යැයිද විශේෂඥවරිය කීවාය . 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට අධිරුධිර පීඩනය හේතුවෙන්   වසරක ලොව පුරා මිලියන 10ක් පමණ දෙනා මිය යන බව    ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කර ඇත.

Exit mobile version