ලුණුගම්වෙහෙරේ ඉබ්බා කපා කොටා මරා දමලා.!

සූරියවැව නුවන් ජයසේකර – 

ලුණුගම්වෙහෙර ධීවර ගම්මානයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (28) අළුයම 01.30ට පමණ කපා කොටා ඝාතනය කර ඇතැයි ලුණුගම්වෙහෙර පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ ලුණුගම්වෙහෙර ධීවර ගම්මානයේ පදිංචි කැළුම් තුෂාර හෙවත් ඉබ්බා නැමති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන 32 හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා ප්‍රදේශයේම පදිංචි තවත් පුද්ගලයෙකු හා කලක පටන්  ආරවුලත් තිබූ බවත්, ඊට පළිගැනිමක් ලෙස මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවත් පොලිසිය සැකකරයි.

මියගිය පුද්ගලයාගේ එක් අතක් වෙන්වෙන්නම කපා ඇති අතර සිරුරේ ස්ථාන කිහිපයකම දරුණු කැපුම් තුවාල ඇති බවද පොලීසිය නිරීක්ෂණය කර තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර පොලිසිය තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය පැවැත්විණි.

එහිදී සිරුර අධිකරණ විශේෂඥ වෛද්‍ය වරයා හමුවට ඉදිරිපත් කර පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානාධිපතිවරයාට නියම කෙරුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.කීර්තිරත්නගේ උපදෙස් පරිදි ලුණුගම්වෙහෙර පොලිසියේ නිළධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.

Exit mobile version