ලියෝනි කොතලාවල දිවි සැරියෙන් සමු ගනී….

ලාංකේය සිනමා ලෝලීන්ගේ අතිශය බහුමානයට පාත්‍ර වූ  විශිෂ්ට රංගන ශිල්පණී     ලියෝනි කොතලාවල අද සිය දිවි සැරියෙන් සමු ගත්තාය.

දශක හතරක් පුරා සහෘද රසවතුන් ගේ හදවත් තුළ නොමැකී ජීවත් වූ  ලියෝනි කොතලාවල  කලාවට පිවිසෙන්නේ  1962 වසරේ ශ්‍රී ලංකා කලා මණ්ඩලය සංවිධානය කළ නාට්‍ය තරගයක් වෙනුවෙන් ජී.ඩී.එල්. පෙරේරා නිර්මාණය කළ සාමා වේදිකා නාට්‍යයට රංගන දායකත්වය දෙමිනි.

ඒ ඇසුරින්ම නිර්මාණය වූ සාමා චිත්‍රපටයේ  රඟපාමින් ඇය  සිනමාවට පිවිසියාය.

චණ්ඩාලි, පිපෙන කුමුදු, වජිරා ඇතුළු  චිත්‍රපට  ගණනාවක ඇය රංගනයෙන් එක් වූවාය.


සෝමාගේ සිහිනය, තාරාදේවි,චරිත තුනක්, කුමාරිහාමි, චාරුලතා,අරවින්ද සහ ඉන්ද්‍රා,හිරුට මුවාවෙන්,නෑදෑයෝ, වැනි විශිෂ්ඨ ටෙලි නාට්‍ය රැසක ඇයගේ  රංගන ප්‍රභාව  සහෘදයන් තුළ ජීවමානව ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලියෝනි කොතලාවල අභාවප්‍රාප්ත   78 වැනි වියේ පසු වූවාය.

Exit mobile version