ජාතික ඖෂධ නියාමන අධිකාරිය මේ වනවිට ඉතිහාසයේ නොවූ තරම් විසල් අර්බුදයකය. මේ පසුබිම රටේ ජනතාව මාරක ව්‍යසයනයක් වෙත ඇද දමින් ඇත. රෝගියෙකුට වෛදයවරයා ලබා දෙන ඖෂධය විශ්වාසයකින් භාවිතා කළ හැකි පසුබිමක් දැන් මේ රටේ නැත. මේ සිදුවීම් මාලාව පිළිබඳ මේ රටේ විද්වත් වෘත්තික විශේෂඥවරු පවා වික්ෂිප්තයෙනි. මේ සිදුවෙමින් ඇත්තේ කුමක් ද?. ලංකාසර අපි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විධාකය නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර විමසුවෙමු. මේ අප ඇසූ ප්‍රශ්න පෙළට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විධාකය නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර ලබා දුන් පිළිතුරුය.
![](http://lankasara.com/wp-content/uploads/2023/07/27368923_10155946153097660_6173320004516070522_o.jpg)
ප්රශ්නය – ජාතික ඖෂධ නියාමන අධිකාරිය තුළ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය කුමක් ද?. එය සංක්ෂිප්තව පැහැදිලි කළ හැකි ද?.
පිළිතුර – ජාතික ඖෂධ නියාමන අධිකාරිය පටන් ගත්තේ 2015 අංක 5 දරණ නව පනතකින්. මීට පෙර තිබුනේ ඖෂධ උපකරණ සහ සුවඳවිලවුන් නාමය යටතේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඒකකයක් ලෙස අධ්යක්ෂවරයෙක් යටතේ පාලනය වුන ඒකකයක් . මේ ආයතනනය වසර 2015 දී අධිකාරියක් බවට පත්කලා. එහෙම කරලා අධිකාරිය තමන්ට අවශ්‍ය ඖෂධවේදී සහකාර තනතුර සදහා පුද්ගලයින් බඳවා ගැනීමට කටයුතු කළා. නමුත් ඖෂධවේදීන් ඊට කැමති නැහැ. ඒ අය තව තව වරප්‍රසාද ඉල්ලනවා. අමාත්‍යංශයේ දෙන වරප්‍රසාද ඒ අයටත් දෙන්න කියලා ඉල්ලනවා.
නමුත් ඒ දේ කරගන්න හැකියාවක් නැහැ. මොකද මේ අය ඉන්නේ අධිකාරිය තුළ. අධිකාරිය තුළ සිටිමින් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලබා දෙන වරප්රසාදයන් ඉල්ලනවා. මෙතෙක් කාලයක් ඒ දේසිදුවුණා. ඒක සම්පූර්ණ වරදක්. අපි ඒ දේ නිවැරදි කිරීමටයි දැන් කටයුතු කළේ. ඒ නිසා අපි නියම සුදුස්සෝ සම්මුඛ පරික්ෂණයක් මගින් අධිකාරියට බදවා ගැනීමට කටයුතු කරන්නයි මේ ලෑස්තිය.
මේ දේ නිවැරදි කරන්න අවුරුදු 8ක්ම ගියා. මෙතෙක් කලක් සිටිය අධ්යක්ෂ මණ්ඩලය උත්සාහ කළත් ඒ දේ කරන්න බැරිවුණා. තත්ත්වය නිවැරදි කිරිම සඳහා ඒ අය නිකුත් කළ ලියකියවිලි තියනවා. අවසානයේ අපි මෙතැනට ආවා. ඇවිල්ලා කිව්වා මෙතැන බඳවා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුයි, එහෙම නොකර ඉන්න බැහැ කියලා.
කෝප් එකේ හැමදාම ප්‍රශ්න අහනවා ඇයි මේ ස්ථීර බඳවා ගැනීම කරන්නේ නැත්තේ කියලා. අවසානයේදී අපි මේ අයට අවසන් දිනයක් ලබා දුන්නා. අපි ඔවුන්ට කිව්වා ඔබ සෞඛ්‍ය අමාත්‍යංශයට හෝ අධිකාරියට බැඳෙන්න කියලා. එතැනදී අධිකාරියට බැඳෙනවා නම් ලැබෙන වරප්‍රසාද අමාත්‍යංශයට බැදෙනවා නම් ලැබෙන වරප්‍රසාදත් මේවා කියලා පැහැදිලි කලා. ඔබ කැමති දේ අපිට කියන්න. කැමතිනම් අපි ඔබව අධිකාරියට බඳවා ගන්නවා. නැතිනම් අනික් පැත්තට නිදහස් කරනවා කියලා.
ඒ අනුව මේ අය අපට උත්තරයක් දුන්නේ නැහැ. ඒ නිසා අපි ඒ අයව පසුගිය 23 වෙනිදා සෞඛ්‍ය අමාතයංශයට නිදහස් කළා.
ප්රශ්නය – ආයතන දෙකක ට මැදිවෙලා රාජකාරි කිරීමේදී මේ අය වැටුප් තලවල පිහිටෙව්වේ කොහොමද?.
පිළිතුර – වැටුප සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලබා ගත්තා. අධිකාරියෙන් ලබා දෙන සියලුම වරප්රසාදයන් හා දීමනාවන් ලබා ගත්තා. උදාහරණයක් ලෙස කියනවා නම් කොරෝනා කාලයේදී ඖෂධවේදීන්ට විශේෂිත දීමනාවක් ලබා දුන්නා . ඒ විශේෂ දීමනා අධිකාරියේ ඖෂධවේදීන් ලබා ගත්තා. ඔවුන් කොරෝනා රෝගීන් සමඟ ගැටුණු අය නොවෙයි. රෝහල්වල ඖෂධවේදීන්ට නොලැබුණු විශේෂ දීමනාවන් මේ අය ලබා ගත්තා.
ප්රශ්නය – වරදක් බව දැන දැනත් ඇයි ඒ වරද කළේ ?
පිළිතුර – මෙතැන හිටපු අධ්යක්ෂ මණ්ඩල මේ තීරණය ගන්න උත්සහ කළා. ඒත් බැරි වුනා. ඒ අය ඒදා මේ තීරණය ගත්තා නම් මේ තත්තවය උදා වෙන්නේ එදා. ඒ නිසා හිටපු අධ්යක්ෂ මණ්ඩල නිහඬව කටයුතු කළා.
පසුගිය අධ්යක්ෂ මණ්ඩයේ පැවති රැස්වීම්වල වාර්තාවන් තියෙනවා. ඒවායේ පැහැදිලිව සඳහන් වෙලා තිබුණා මේ අය නියමිත ලෙස සිය රාජකාරිය කරන්නේ නැහැ, වරප්‍රසාද අසීමාන්තිකව භුක්ති විදිනවා කියලා. එදා අධ්යක්ෂ මණ්ඩලයේ සිටි ඇතැම් සාමාජිකයන් එහෙම කිව්වත් අද ඔවුන් ඒ පැත්තට ගිහිල්ලා බොරු චෝදනාවන් ඉදීරිපත් කරනවා.
ප්රශ්නය – නියාමන අධිකාරියේ කටයුතු නිසිලෙස පවත්වාගෙන යාමට සේවක පුරප්පාඩු විශාල සංඛ්‍යාවක් පැවතියදී ඖෂධවේදීන් 23 දෙනාව සෞඛය අමාතයංශය වෙත මාරුකිරීමේන් තවත් කටයුතු අඩපණ වෙනවා නේද?
පිළිතුර – ඖෂධ නියාමන අධිකාරියේ කටයුතු කරගෙන යාමට අවශ්‍ය සේවක පිරිසේ සැලකිය යුතු පුරප්පාඩු සංඛ්‍යාවක් තියෙකවා. ඒ නිසා අප වහාම සුදුසුකම් ලත් අය බඳවා ගැනීමට කටයුතු කරනවා. මෙහිදී මේ 23 දෙනාටත් ඉල්ලුම් පත් යොමු කරන්න හැකියාව තියෙනවා.
අපි මෙහිදී සුදුසුකම් ලත් අය බඳවා ගෙන අධිකාරියට ආවේනික අධිකාරියට අයිති කාර්ය මන්ඩලයක් සම්පූර්ණ කිරිමට තමයි මේ උත්සහ කරන්නේ. අපේ කටයුතු නිසිපරිදි බාධාවකින් තොරව කරගෙන යාමට හැකිවුණා. මෙම නව කාර්ය මණ්ඩලය බඳවා ගැනීමෙන් පසුව ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කාර්යක්ෂම වේවි.
ප්රශ්නය – සෞඛ්‍ය අමාත්‍යංශයට අන්තර්ග්‍රහණය කළ ඖෂධවේදීන් කියනවා මෙතැන ඉන්න පළපුරුදු දැනුමෙන් සන්නද්ධ අය ඔවුන් , පුහුණු කිරීම් කරන්නේ ඔවුන්. ඔවුන්ව මෙතැනින් ඉවත් කිරිමත් සමඟ නියාමන අධිකාරියේ සියලුම කටයුතු බිඳ වැටෙන බව. මෙහි සත්‍ය අසත්‍යතාව කුමක්ද?
පිළිතුර – මේ අය අතරින් විශේෂඥ දැනුම තියෙන්නේ කීපදෙනෙකුට විතරයි. අපි කියන්නේ ඒ අයට සම්මුඛ පරික්ෂණයට ඉදිරිපත් වෙන්න කියලා. මේ අය සම්මුඛ පරික්ෂණයට එන්නම බැහැ කියනවා. අනික ඒ අය නැතිව අධිකාරියේ කාර්යයන් බිදවැටෙනවා කියන්නේ අමූලික බොරු
ප්රශ්නය – ඒ අය සම්මුඛ පරික්ෂණයට මුහුණ දෙන්න අකමැත්ත පල කරන්නේ ඇයි?
පිළිතුර – සම්මුඛ පරික්ෂණයෙන් තේරිලා අධිකාරියට අනුයුක්ත කළොත් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලැබෙන වැටුප ලැබෙන්නේ නැහැ. අධිකාරියෙන් ලැබෙන දීමනාවන් හා වරප්‍රසාධයන් විතරයි ලැබෙන්නේ.
ප්රශ්නය – සෞඛ්‍ය අමාත්‍යංශයට අන්තර්ග්‍රහණය කිරීම ප්‍රධාන හේතුව ප්‍රමිතියෙන් බාල ඖෂධ සඳහා මෙරටට ලියාපදිංචිය ලබා දීම හා අතයට දෙනු සිදුකර ගැනීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය ය කර ගැනීමට කියලා චෝදනා කරනවා. මේ ගැන මොකද කියන්නේ?
පිළිතුර – කෙනෙක් තමා අකමැති දෙයක් සිදු වුණාම මෙහෙම චෝදනා එල්ල කරනවා. කකුල් දෙක දෙපැත්තේ තියාගෙන ඉන්න ඉඩ නොදීම තමයි මේ විවිධ අසත්‍ය චෝදනාවන්ට හේතුව. ඒක ස්වාභාවිකයි. කවුරු හෝ කියනවා නම් මේතැන හොරකම් සිදුවෙනවා කියලා, හොරකම් හොයන්න වෙනම ආයතන තියෙනවා. ඒ අයට පුලුවන් පරික්ෂණ පවත්වන්න. අපි ඕනෑම වෙලාවක ලෑස්තියි පරික්ෂණවලට මුහුණ දෙන්න.
ඖෂධ නියාමන අධිකාරිය සෑහෙන කාලයක් පුරා විශාල මාෆියාවට ලක්වුන ආයතනයක්. ඖෂධයක් ලියාපදිංචි කිරීම සඳහා අපි ලොකු ගාණක් අයකරනවා. එසේ අය කරලත් එක ෆයිල් එකක වැඩ නිම කරන්න මාස ගණනක් ගත කරනවා. ඇතැම් නිලධාරීන් මාසෙකට එක ෆයයිල් එකකවත් වැඩ කරන්නා හැහැ. මාසෙකට ලියාපදිංචිය ඉල්ලා ෆයිල් 300 ක් විතර එනවා. මෙය අධිකාරියක් බවට පත් කරන්නත් කලින් ඉඳලා ලියාපදිංචිය ඉල්ලා තියෙන ෆයිල් පවා තියෙනවා. ඇතැම් සමාගම් මේ වන විට වහලා දාලා. සෞඛ්‍ය අමාත්‍යංශයට මාරු කළ ඇතැම් නිලධාරීන්ගේ මේසේ යට ෆයිල් 300ක් විතර ගොඩ ගසා තිබුණා .
ප්රශ්නය – ඖෂධ නියාමන අධිකාරිය ඖෂධවේදය පිලිබඳ මහාචාර්ය වරයෙක් නොමැතිව මාස ගණනක් දුවලා තියෙනවා. ඒ නිසා ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට පැමිණීමට ප්‍රධාන හේතුවක් වුණ බවට නගන චෝදනා නැගෙනවා. ඒ සම්බන්ධයෙන් මොකද කියන්නේ?.
පිළිතුර – මේ කතාව පොඩි ඇත්තකුයි විශාල බොරුවකුයි තියන එකක්. අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩලය විවිධ ක්ෂේත්රයන්ගේ අය නියෝජනය කරනවා. මේ නියෝජනයන් අතරට ඖෂධවේදය පිලිබඳ මහාචාර්යවරයෙකුත් ඇතුළත් කර තිබෙනවා. අන්න ඒ මහාචාර්යවරයාගේ නියෝජනය තමයි නැත්තේ.
ඖෂධ නියාමන පනතේ 43වෙනි වගන්තියට අනුව ඖෂධයක් ලියාපදිංචි කිරීමේදී ඒ පිලිබඳව සොයා බැලීමට ඖෂධ පිලිබඳව විශේෂඥ කමිටුවක් ඉන්නවා. ඔවුන් අදාල සොයා බැලීමක් කරනවා. මෙන්න මේ කමිටුව තුළ තමයි ඖෂධ පිලිබඳ මහාචාර්යවරු සිටින්නේ. ඔවුන් තමයි ඖෂධ අනුමත කරන්නේ. මෙම කමිටුව තුළ මහාචාර්යවරු 3 දෙනෙකු සිටිනවා. අධ්යක්ෂ මණ්ඩලයට ඇතැම් අවස්ථාවකදී ඖෂධ පිලිබඳ මහාචාර්යවරයෙකුගේ උපදෙසක් ලබා ගැනීමට අවශ්‍ය වුණොත් අපි ඖෂධ පිලිබඳ විශේෂඥ කමිටුවේ සිටින මහාචාර්යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්නවා.
ප්රශ්නය – මෙරට ලියාපදිංචි නොවූ ඖෂධ මෙරටට ගෙනඒමේදී අහඹුලෙස හෝ ඉන් නියැදියක් අරගෙන රසායනාගාරයන් තුළ පරික්ෂා කිරිම්වලට ලක්කරනවාද?
පිළිතුර – ඖෂධයක් නිෂ්පාදනය කිරිම ලෝක සම්මතයකට විය යුතුයි. Good Manufacturing Practice ( GMP ) කියන සංකල්පය මත තමයි අපි ඖෂධ මෙරටට ගෙන එන්නේ. ඉන්දියාවේ මේ GMP සහතිකය සහිත සමාගම්වලින් තමයි අපි ඖෂධ ගෙනත් තියෙන්නේ. ඒ සහතිකය නැති සමාගමකින් ඖෂධ හදලා ඒක අපි ගෙනාවා නම් ඒක බරපතල තත්ත්වයක්.
අපේ රටේ යම් ඖෂධයක් ලියාපදිංචි නොවුනත් ඒ රටේ ලියාපදංචිය ලබා දීලා තිබෙන නිසා අපි ඒ සහතික බලනවා. ඒ රටේ ඒ ඖෂධය භාවිත කරනවාද? තව රටවන් කීයකට යවනවාද? කියලා බලනවා.
අනික යම් ඖෂධයක් කිසියම් රටක භාවිත කරලා ඉන් මිනිස් ජීවිතවලට යම් තර්ජනයක් වුණොත් ඒ බව ලෝකයේ සියළුම රටවල් වෙත ක්ෂණයකින් දැනුම් දීමට ජාලගත වෙලා තියෙනවා. අපි ඒවා නිතරම නිරීක්ෂණය කරලා මෙහි ප්‍රමිතියේ යම් ගැටලු තියෙනවාද කියලා සොයා බැලීමක් කරලා තමයි මෙරට ඒ ඖෂධය භාවිතයට අවසර දෙන්නේ.
ප්රශ්නය – එතකොට ප්‍රශ්නයක් වෙලාම නැද්ද?. පසුගිය කාලේ අක්ෂි රෝගීන්ට ලබා දුන් ඖෂධයක් විෂ වෙලා රෝගීන් ගණනාවකගේ ඇස් අන්ධ වුණා. මෙවැනි ඖෂධ මෙරට භාවිතා කළ රෝගීන්ට වුණ අසාධාරණය හේතුවෙන් අදාල ඖෂධ නිෂ්පාදන සමාගමෙන් යම් වන්දියක් ලබා ගැනීමට කටයුතු කරන්නේ නැතිද?
පිළිතුර – මේ ඖෂධය මෙරටට ලියා පදිංචි කළ ඖෂධයක්. මෙරට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කළ ඖෂධවල පවා යම් ගැටලුකාරී තත්ත්වන් ඇතිවිය හැකියි.
මේ අක්ෂි බෙහෙත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මහාචාර්යවරුන්ගේ විශේෂඥවරුන්ගේ කමිටුවලින් අනුමත වුණ ඖෂධයක්. මේ අයට වැරදි කියන්න බැහැ. නිෂ්පාදන ක්‍රියාවලියේදී කිසියම් ඖෂධ කාණ්ඩයක් වරදින්න පුලුවන්. ඒක අප රටට පමණක් නොවෙයි, ලෝකයේ ඕනෑම රටක විය හැකි දෙයක්. ලියාපදිංචිය ලැබූ පමණින්ම ඒ ඖෂධය හොඳ හෝ නරක් වෙන්නේ නැහැ. ෆයිසර් කොම්පැණියටත් වැරදුණා.