ලිඛිත අවසරයක් නැතිව  මහ පාරටවත් අඩියක් තියන්න බෑ…  ජනපතිගෙන් තවත් ගැසට් එකක්

විරෝධතා දක්වන්න හිටි මිනිස්සුනට ගෙයින් එළියට බහින්න බැරිවෙයි...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   විසින්  මහජන ආරක්ෂක ආඥා පනතේ 16 වන වගන්තිය යටතේ  ඊයේ (02) පස්වරු 6.00 සිට අප්‍රියෙල් 04 වැනිදා , සඳුදා පෙරවරු 6.00 දක්වා අවසරයකින් තොරව පොදු ස්ථානයකට පිවිසීම තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කොට තිබේ.

මෙම ගැසට් නිවේදනය ප්‍රකාරව ජනාධිපතිවරයාගේ ආරක්ෂක ලේකම්වරයාගේ, මහජන ආරක්ෂාව පිළිබඳව අමාත්‍යංශ ලේකම්වරයාගේ , පොලිස්පති හෝ ඔහු විසින් බලය පවරනු ලබන පුද්ගලයකුගේ ලිඛිත අවසරයකින් තොරව පොදු මාර්ගයක ගමන් කිරීම, දුම්රිය මාර්ගයේ ගමන් කිරීම,  පොදු උද්‍යානයක,  පොදු ක්‍රිඩා පිටියක හෝ පොදු මුහුදු තීරයක ගැවසීම සම්පූර්ණයෙන් තහනම් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහජන සාමය පවත්වාගෙන යාම සඳහා එම නියෝගය නිකුත් කරන ලද බවද මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.


Exit mobile version