ලාෆ් ගෑස් මිල වැඩිකිරීමට අවසර ලැබෙයි… මෙහෙයුම් යළි ඇරඹෙන ලකුණු..

කිලෝ ග්‍රෑම් 12.5ක  ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363කින් ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ලාෆ් ගැස්   සමාගමට අවසර දී ඇත.

ඒ අනුව ලාෆ් කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් 1,856 දක්වා රුපියල් 363කින්ද, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 743ක් දක්වා රුපියල් 145කින්ද ඉහළ දැමීමට  අවසර ලැබී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මිල වැඩිකිරීමකින් තොරව ගෑස් ආනයනය කළ නොහැකි බව ලාෆ් ගෑස් සමාගම පවසා සිටියේය. ඒ අනුව ලාෆ් ගෑස් මෙහෙයුම් ඇණ හිටියේය.


Exit mobile version