ලසන්ත වික්‍රමතුංග ඝාතනයට වසර 12යි

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කොට අදට වසර 12ක් සපිරෙයි.

ඒ වෙනුවෙන් බොරැල්ල කනත්තේ ඔහු මිහිදන් කළ සථානයේ සැමරුම් අවස්ථාවක් පැවැති අතර හිටපු කථානායක සහ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරූ ජයසූරිය,  පාර්ලිමේනුත මන්ත්‍රි ආචාර්ය හර්ෂ සිල්වා ඇතුළු වික්‍රමතුංග මහතාගේ හිතවතුන් ගණනාවක් එම අවස්ථාවට සහභාගී වූහ.

එහිදී වික්‍රමතුංග මහතාගේ ස්මාරකය අබියස කරූ ජසූරිය මහතා විසින් මල් කලඹක් තැන්පත් කළ අතර ඉටි පහන් දැල්වීමද සිදුවිය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


20009 ජනවාරි මස 12 වැනිදා පෙරවරුවේ ඔහු තම නිවසේ සිට කාර්යාලයට එන අතරේදී රත්මලාන ප්‍රදේශයේදී ඔහුගේ රිය හරස් කළ සාහසික කණ්ඩායමක් අමානුෂික ලෙස පහර දීම හේතුවෙන් ඔහු ඝාතනයට ලක් විය.

Exit mobile version