ලබන 23 දා පෙට්‍රල් නැවක් එනවා… එතෙක් පෝලිම්වල ඉන්න එපා… බලශක්ති ඇමති කියයි!

රටේ දැනට තෙල් නැති බව බලශක්ති ඇමති කියන විදිහ...

එළඹෙන 23 වනදා පෙට්‍රල් රැගත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ලබන 23 දා සිට ඉන්ධන බෙදීම සාමාන්‍යකරණය වන බවත් ඉදිරි දින තුන (20-21-22) තුළ පෝලිම්වල නොරැදෙන ලෙසත්   ඇමතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

එම නෞකාව 23 වනදා   පැමිණීමෙන් පසු ත්‍රීරෝද රථ සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් ඉන්ධන බෙදා හැරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම 24 වනදා ඩීසල් රැගත් නෞකාවක්ද දිවයිනට පැමිණීමට නියමිත බවත් දැන් පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කීවේය.

Exit mobile version