ලබන සතිය වනවිට යළිත් දැවැන්ත ගෑස් හිගයක්! ගෑස් සමාගම් ඉඟි කරයි…

ලබන සතිය වනවිට රට පුරා දැඩි  ගෑස් හිගයක් ඇතිවනු ඇති බවට ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය  අනතුරු අඟවයි.

මේ තත්ත්වයට හේතු වී ඇත්තේ බැංකු මඟින් ණයවර ලිපිවලට අදාල ඩොලර් නිදහස් කිරීම ප්‍රමාද කිරීමය. මේ වනවිට සමාගම් දෙකේම ගෑස් සංචිත අවසන් වීමේ තත්ත්වයක් පවතින අතර මේ තත්ත්වයට හේතු වී ඇත්තේ ඉන්ධන ගෙන්වීම සඳහා පවතින ඩොලර් වැඩි වශයෙන් වැය කිරීම බව බැංකු ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

වෑගපිටිය  පෙන්වා දෙන්නේ පවතින ඩොලර් හිගය හේතුවෙන් මේ වනවිට ලාෆ් සමාගම කලාපයේ මාලදිවයින බංගලාදේශය මෙන්ම අප්‍රිකානු රටවලට ගෑස් සැපයීමෙන් උපයා ගත් විදේශ විනිමයත් උපයා ගත නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවය.


ලාෆ් සමාගමට තම මෙහෙයුම් සඳහා අවශ්‍ය ඩොලර් රාජ්‍ය බැංකුවලින් ලබා දීමට පසුබට වන බවත් සෙසු බැංකුවලින් ලැබෙන ඩොලර් ද මේ වනවිට සීමා වී ඇති තත්ත්වයක් තුළ මෙහෙයුම් නැවැත්වීමට සිදුවන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

“අපේ මෙහෙයුම්වලට මාසිකව ඩොලර් මිලියන 15ක් 20ක් පමණ අවශ්‍යි. නමුත් මේ පුමාණය අපට බැංකුවලින් ලබා දෙන්නේ නෑ. මේ පිළිබඳව අපි දිගින් දිගටම මුදල් ඇමතිතුමාටත් කිව්වා. තවම කිසිදු විසඳුමක් ලැබෙන පාටක් නෑ.“

වෑගපිටිය  මෙහිදී පෙන්වා දුන් තවත් කරුණක් වන්නේ මේ වනවිට පවතින  රුසියානු යුක්රේන යුද්ධ තත්ත්වය හේතුවෙන් ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 135කින් වැඩි වී ඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ තත්ත්වය තුළ  ඉතිහාසයේ ඉහළම මිල ගණන් වෙත ගෑස් මිල ළඟා වී ඇති බවත් ලබා දෙන ඩොලර් ප්‍රමාණයෙන් ලබා ගත හැකි ගෑස් ප්‍රමාණය අඩුවන බැවින් ඉදිරියේ ගෑස් සැපයුමේද අඩුවක් විය හැකි බවත්ය.

Exit mobile version