ලඩ්කා දේශසීමා ගැන ඉන්දීය හා චීන හමුදා 16 වැනි වරටත් සාකච්ඡා

නැගෙනහිර ලඩ්කා හි පවතින දේශසීමා ගැටුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉන්දීය හා චීන හමුදා අතර පැවැත්වෙන 16 වැනි සාකච්ඡාව ජූලි 17 වෙනිදා පැවැත්විණි.

කලාපයේ සැබෑ පාලන රේඛාව ඉන්දියාව පැත්තේ පැවැත්වෙන බවත් සියලුම ස්ථානවලින් චීන භටපිරිස්වලට ඉවත් වෙන්න යැයි ඉන්දියාව බල කරති. දෙරට අතර ද්විපාර්ශවික සබඳතා යහපත් ලෙසින් පවත්වා ගැනීමටත් දේශසීමාවල සාමය පවත්වා ගැනීමටත් එය උදව්වක් වෙන බව ඉන්දියාවේ අදහසයි.

මාර්තු 11 වැනිදා ඉන්දීය හමුදාව හා චීන මහජන විමුක්ති හමුදාව අතර අවසන් වතාවට සාකච්ඡා පැවැත්වුණු අතර ඔවුන් දිගින් දිගටම පවසා සිටියේ චීන භටපිරිස් දේශ සීමාවලින් ඉවත් විය යුතු බවයි.


ඉන්දියාවේ හා චීන හමුදා අතර ලඩාක් දේශසීමා ගැටුම වඩාත් දරුණු තත්ත්වයට පත් වූයේ 2020 මැයි 5 වැනිදා පැන්ගොං විල ප්‍රදේශයේ ඇති වූ ප්‍රචණ්ඩ ගැටුමකින් අනතුරුවය. විල දෙපස දෙපාර්ශවයේම සෙබළුන් පෙළ ගැසුණේ බර ආයුධ ද ස්ථානගත කරමිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන් අනතුරුව ඇති වූ හමුදා හා රාජ්‍යය සාකච්ඡාවලින් පසු ගොග්රා ප්‍රදේශයේ හා පැන්ගොන්ග් විලේ උතුරු හා දකුණු ඉවුරුවලින් හමුදා සම්පූර්ණයෙන්ම ඉවත් වූහ.

Exit mobile version