ලක්ෂ 8ක රුපියල් දහසේ හොර නෝට්ටු 810ක් සමග පුද්ගලයෙක් දැලේ…

දිනසේන රතුගමගේ –

රුපියල් අට ලක්ෂ දස දහසක ව්‍යාජ රුපියල් දහසේ මුදල් නෝට්ටු 810  ක් සමග  සැකකරුවකු කිළිනොච්චිය ශාන්තපුරම් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් 3 දා අත් අඩංගුවට ගෙන තිබේ.

පොලිස්  විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඔවුන් අදාල පුද්ගලයා කිළිනොච්චිය නගරය දෙසට යමින් සිටියදි සුදු කළ සෝදීසියකදී ඔහුගේ ගමන් මල්ලේ තිබී මෙම ව්‍යාජ මුදල් නෝට්ටු හමු වී තිබේ.

සැකකරු වයස අවුරුදු 43 ක තිදරු පියෙකු වන අතර මුදල් නෝට්ටු සමග ඔහුව කිළිනොච්චිය පොලීසිය වෙත බාර දී තිබේ.


අදාල සැකකරුගේ නිවස පොලීසිය විසින් දැඩි ලෙස පරීක්ෂා කොට ඇති අතර ඔහුට මෙම ව්‍යාජ රුපියල් දහසේ නෝට්ටු හමු වූ ආකාරය පිළිබදව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැකකරුව කිළිනොච්චිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටද නියමිතව තිබේ.

Exit mobile version