ලක්ෂ 26ක මුදල් වංචාවක් නිසා කෝපායි දුම්රිය ස්ථානයට සීල් තියයයි!

දිනසේන රතුගමගේ –

යාපනය කොකුවිල් දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් ලද ආදායමෙන් රුපියල් ලක්ෂ විසි හතරක මුදලක් වංචා වීමත් සමගම දුම්රිය විමර්ශන නිලධාරීන් විසින් කොකුවිල් දුම්රිය ස්ථානයට ඊයේ ( 25 )දා සීල් තබා ඇත.

කොකුවිල් දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් මෙම මුදල වංචා කොට ඇති බවට යාපනයේ දුම්රිය නිලධාරීන් කෝපායී පොලීසියට පමිණිලි කොට තිබූ අතර  දුම්රිය දෙපාර්තමේන්තුවෙන්ද මෙම වංචාව සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් ආරම්භ කොට තිබුණි.

 එම පරීක්ෂණය සිදු කල නිලධාරීන්ගේ වාර්තාවට අනුව එම දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමෙන් ලද ආදායමෙන්  රුපියල් ලක්ෂ ලක්ෂ විසි හතරක මුදලක් වංචා වී අති බව හෙළි වී තිබේ.

දුම්රිය බලධාරීන් විසින් කොකුවිල්  දුම්රිය  ස්ථනාධිපතිවරයාගේ සේවය මේ වන විට තාවකාලිකව අත්හිටුවා සම්බන්ධයෙන්ද පොලිසිය වෙත පමිණිල්ලක් යොමු කොට තිබේ.


දුම්රිය විමර්ශන නිලධාරීන් විසින් කොකුවිල් දුම්රිය ස්ථානයට සීල් තබා එම දුම්රිය ස්ථානයට පැමිණෙන මගීන්ට තමන්ට අවශ්‍ය දුම්රිය ප්‍රවේශපත් යාපනය  දුම්රිය ස්ථානයෙන් ලබා ගන්නා ලෙසටද දැන්වීමක් කොකුවිල් දුම්රිය ස්ථානයේ අලවා තිබේ

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් සිකරගෙන යන පරීක්ෂණ මෙතෙක් හමාර වී නොමැති අතර  එම දුම්රිය ස්ථානයේ මුදල් වංචාවක් සිදුව අත්නම් දුම්රිය ස්ථානාධිපතිවරයා අත් අඩංගුවට ගෙන අධිකරණය  හමුවට ඉදිරිපත් කරණ බව කෝපායී පොලීසියේ වංචා විමර්ශන අංශයේ නිලධාරීන්  කියා සිටියි.

Exit mobile version