ලංවිම සභාපතිගේ ප්‍රකාශය ඉන්දියාවේ දේශපාලනයත් අවුළුවයි…

මෝදී ගේ ගජ මිතුරා පෝක් සමුද්‍ර සන්ධිය තරණය කර ලංකාවටත් ගිහින් - රාහුල් ගාන්ධි කියයි!

භාරතීය ජනතා පක්ෂයේ ගජමිතුරුවාදය දැන් පෝක් සමුද්‍ර සන්ධිය තරණය කර ශ්‍රී ලංකාවටත්  පැමිණ ඇතැයි ඉන්දීය කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී රාහුල් ගාන්ධි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර  රජයට   සම්බන්ධ ප්‍රකාශයක් කරමින් පවසා  කර ඇත.

මන්නාරමේ  සුලං බල ව්‍යාපෘතිය ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයට ලබාදිය යුතු බව අගමැති නරේන්ද්‍ර මෝදි අවධාරණය කළ බව ජනාධිපති ගෝඨාභය  රාජපක්ෂ තමාට පැවසූ බව  ලංකාවේ විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා කොප් කමිටුව හමුවේ කළ      ප්‍රකාශය උපුටා දක්වමින් ඔහු මේ ප්‍රකාශය කර තිබේ.

අදානි සමූහ ව්‍යාපාරයට සුළං බල ව්‍යාපෘතියක් ලබා දෙන ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි බල කළ බව ජනාධිපතිවරයා තමාට පැවසුවේ යැයි  පාර්ලිමේන්තු කෝප් කමිටුවට තමා ප්‍රකාශ කළේ  වැරදීමකින්   බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති  එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ  ඊයේ පැවසුවේය. නිවුස් ෆස්ට් නාලිකාව වෙත අදහස් දක්වමින් සභාපතිවරයා කීවේ   සිකුරාදා (10) පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා සැසියේදී තමාට චෝදනා එල්ල වූ විට තමන් දැඩි හැඟීම්බර වූ බවයි.

කෝප් කමිටු සැසියේදී තමාට බලපෑම් එල්ල වූ බව පැවසූ ඔහු තමන් අසත්‍ය ප්‍රකාශයක් කළ බව කිවේය.


“මම එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගත්තා,” ඔහු නිවුස් ෆස්ට් වෙත පැවසීය.

ඊයේ  (11) පෙරවරුවේ අමාත්‍යවරයා මේ පිළිබඳව තමාගෙන් විමසූ විට තමා එවැනි ප්‍රකාශයක් කළේ වැරදීමකින් බව තමා යළි තහවුරු කළේ යැයි ලංවිම සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු පැවසීය.

භාණ්ඩාගාර ලේකම්වරයා වෙත යවන ලද ලිපිය සම්බන්ධයෙන් අදහස් දක්වමින්  සභාපතිවරයා කියා සිටියේ එය ආයෝජන මණ්ඩලයට සම්බන්ධ කටයුත්තක් බැවින් තමන් එය යොමු කළ බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම ප්‍රකාශය දැඩි සේ ප්‍රතික්ෂේප කරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර  කියා සිටියේ  යමෙක්  අදහස් ප්‍රකාශ කරනවිට වගකීම් සහගත විය යුතු බවයි.

Exit mobile version