සිකුරාදා, ජූලි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම නිල වශයෙන් ඇරඹේ: අනුප්‍රාප්තික සමාගම් 6ක් සඳහා ගැසට් නිවේදනය නිකුත් වෙයි!

by editor
මාර්තු 6, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ලංකා විදුලිබල මණ්ඩලයේ වගකීම් සහ කාර්යභාරයන් පවරාදීම සඳහා නව අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීමේ තීරණාත්මක පියවරක් තැබීම නිකුත් කළ යුතුව තිබු  අතිවිශේෂ ගැසට් නිවේදනය විදුලි බල හා  බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ.

මෙම නිවේදනය නිකුත් වීමත් සමඟ, මණ්ඩලයේ අනාගතය පිළිබඳව අවිනිශ්චිතතාවයකින් පසුවූ සේවක ප්‍රජාවට සහ මහජනතාවට ඒ පිළිබඳ නිල තත්ත්වය පැහැදිලි වී ඇත.

මෙම ගැසට් නිවේදනය 2026 මාර්තු 9 වන දින සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව  ලංකා විදුලිබල මණ්ඩලය විසුරවා හැරේ. එම මණ්ඩලය  සතු බලතල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් යන ප්‍රධාන අංශ ආවරණය වන පරිදි අලුතින් පිහිටුවන ලද අනුප්‍රාප්තික සමාගම් 6ක් වෙත පවරනු ලැබේ.

2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ (නිශ්චිත වගන්ති කිහිපයක් හැර) සෙසු සියලු ප්‍රතිපාදන මෙදින සිට බලාත්මක වන අතර, එමඟින් මණ්ඩලය විසුරුවා හැරීමේ සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට නීතිමය වලංගුතාවය හිමි වේ.

RelatedPosts

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වීමත් සමඟ, මීට පෙර ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වීමට   තීරණය කළ සේවක පිරිස් දැඩි දෙගිඩියාවකින් පසුවූයේ මේ සම්බන්ධ නිල නිවේදනය ප්‍රමාද වීම හේතුවෙනි. මෙම ගැසට් නිවේදනය නිකුත් වීමත් සමඟ මණ්ඩලය විසුරුවා හැරීමේ නිල කාලරාමුව තීරණය වී ඇත.

එමෙන්ම සේවකයන්ගේ වගකීම් නව සමාගම් වෙත පැවරීම හෝ විශ්‍රාම ගැන්වීමේ ක්‍රියාවලිය විධිමත්ව තිබේ.  ආයතනික ව්‍යුහයේ වෙනස නිසා ඇතිවිය හැකි වෘත්තීය ගැටලුවලට නීතිමය විසඳුම් ලැබීමට මඟ පෑදේ.

මෙම ප්‍රතිසංස්කරණ හරහා මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම රජයේ අපේක්ෂාව වුවද, සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ විදුලි ගාස්තු කෙරෙහි මෙහි බලපෑම පිළිබඳව ඉදිරියේදී දැඩි අවධානයක් යොමු වනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙවැනි ඉරාන නැව – IRIS Bushehr ඉරාන  නෞකාවට ශ්‍රී ලංකා වරාය ප්‍රවේශයට ඉඩදීම පිළිබඳ ජනාධිපතිවරයා කී කතාව…

Next Post

ඉරාන නාවිකයින් 204 දෙනා මුදාගෙන IRIS Bushehr නැව ශ්‍රී ලංකාවේ භාරයට ගත් පසු ලෝකය කියන කතාව අහන්න!

Related Posts

පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
පුවත්

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026
පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!
  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.