ලංකා අයිඕසී තෙල් සැපයුම අඩුකරයි – කිරි ගෑස් සමාගම් තියරියටම යයි

කිරිපිටි ගෑස් වැනි භාණ්ඩ මිල වැඩි කරගැනීමට අදාළ සමාගම් දැක්වූ ක්‍රමෝපායම මෙරට ඉන්ධන බෙදාදෙන අයිඕසී සමාගම ද අනුගමනය කිරීමට තීරණය කර ඇති බව සඳහන් වෙයි.

ඒ අනුව ලංකා අයිඕසී සමාගම තම නියෝජිත ඉන්ධනහල් වලට ඉන්ධන බෙදාහැරීම අද සිට සීමා කිරීමට කටයුතු කර ඇති බව ලංකා අයිඕසී ඉන්ධනහල් හිමියෝ පවසති.

ලංකා අයිඕසී සමාගමේ ඉන්ධන බෙදාහරින ඉන්ධනහල් 202ක් රට පුරා පවතී.


එම සමාගමත් ඛනිජ තෙල් නීතිගත සංස්ථා වත් ලෝක වෙළඳපොළේ බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාම හමුවේ මිල වැඩි කරන ලෙස ඉල්ලා ඇති අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද රාජ්‍ය භාණ්ඩාගාරයේ හා මුදල් අමාත්‍යාංශය, මෙම අර්බුදයට මැදිහත් වී සහනයක් ලබා නොදුන්නොත් ස්ථිර වශයෙන්ම මිල වැඩි කිරීමට සිදුවනු ඇති බව සඳහන් කර තිබුණි.

ඒ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ ද මාධ්‍ය හරහා අදහස් දක්වමින් සඳහන් කළේය.

මේ වන විටත් ලංකා අයිඕසී ඉන්ධන සපයන ඇතැම් ඉන්ධනහල් වලට මෙම අර්බුදය තදින්ම බලපා ඇති බව ඛනිජ තෙල් ඛණිජ තෙල් ක්ෂේත්රයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම තත්ත්වයන් මත බොහෝ දුරට ඉදිරි දින කිහිපය තුළ තෙල් මිලෙහි වෙනසක් සිදුවනු ඇතැයි වෙළදපොල වෙළෙඳපොළ ආරංචිමාර්ග සඳහන් කරයි.

Exit mobile version