ලංකාසර හෙළිදරව්වෙන් පසු සමාගම අසරණ නැවියන් දෙස බලයි

සමුද්‍ර ආරක්ෂකයින් ලෙස සේවයට බැඳී අරාබි මුහුදේ නෞකාවක් තුළ විවිධ දුෂ්කරතා මධ්‍යයේ කල් ගෙවන ශ්‍රී ලාංකිකයන් 64 දෙනා ඇතුළු සිවුදෙනෙක් සම්බන්ධව ලංකාසර සහ බීබීසී වැනි මාධ්‍ය දිගින් දිගටම සිදු කළ හෙළිදරව්ව නිසා අද ඔවුන්ට මාර්තු සහ අප්‍රේල් මාස වල වැටුප් ලබාගැනීමට හැකිවී ඇත.

මෙම හෙළිදරව්ව නිසා තමන් සේවයේ යොදවා ඇති ඉන්දීය සමාගම නෞකාවේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් 21 දෙනෙක් පියවර තුනක් යටතේ දැනට සිටින තැන සිට කිලෝ මීටර 1500 ක් දුරින් පිහිටි මුහුදේ නවතා ඇති මෙම නෞකාවට ස්ථාන මාරු කර ඇති බව එහි සිටි කැලුම් දිසානායක මහතා ලංකාසරට පැවසීය.

මේ අතර වෙනත් නැවකින් තවත් ශ්‍රී ලාංකික සමුද්‍ර ආරක්ෂකයින් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ මෙහි නවාතැන් ගෙන සිටින ගේ‍රේ නාබ් ලංකාවට ගෙනවිත් දැමූ බව පවසන දිසානායක මහතා මේ සියලු කටයුතු සිදු වන්නේ ඔවුන් පිළිබඳව ලෝකයට අප හෙළිදරව් කළ නිසා බව හෙතෙම කීය.


මෙම පිරිස් සමුද්‍ර ආරක්ෂකයින් ලෙස බඳවා ගත් ඉන්දීය සමාගම මෙරට ප්‍රශ්න රක්නාලංකා සමාගම හරහා තම වැටුප් ගෙවීම් සිදුකර ඇති බව පවසන කැලුම් දිසානායක මහතා එලෙස රක්නාලංකා සමාගම හරහා වැටුප් ගෙවීම්ට සිදු වූයේ තමන් සේවයට යොමු කළ ඒජන්සි ඉන්දියානු සමාගම සමඟ ඇතිකර ගෙන් තිබෙන විරසකභාවය හේතුවෙන් බව පෙන්වාදුන්නේය.

සමුද්‍ර ආරක්ෂකයින් ලෙස මෙරටින් පිටව යෑමේ දී තමන් ඒජන්සියකට සම්බන්ධ වී ඒ හරහා විදේශ සමාගමකට යොමු වන බවත් එම ඒ සියල්ල රක්නාලංකා සමාගමේ අධීක්ෂණය යටතේ පවතින බවත් ඒ මහතා අනාවරණය කළේය.

මාස 4කට ආසන්න කාලයක් කිසිදු පහසුකමක් නොමැතිව ග්‍රේ නාබ් නෞකාවට වැටුප් නොලබා ආහාර ඖෂධ හා වෙනත් පහසුකම් කිසිවක් නිසි පරිදි නොමැතිව දැඩි දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වීමට සිදු වූ බවත් දැන් සහනයක් ලබා ගැනීමට හැකිවීම ලංකාවේ සිටින 180ටම ලැබූ ලොකු ජයග්‍රහණයක් බවත් ඔහු පවසයි.

මාස හතරකට පසු මේ මෙරට සිටින තම දරු පවුල්වලට මුදල් ගෙවීමට හැකි වූ බව පවසන ඒ මහතා වැටුප් නොලැබීම නිසා තම දරු පවුල් මෙන්ම ඥාතීහු ද දැඩි දුක් දුෂ්කරතා මධ්‍යයේ කල් ගෙවූ බව සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් තම ප්‍රධාන කරුණක් වන්නේ නැවත ශ්‍රී ලංකාවට යෑම බවත් ඒ අරමුණ ඉටුකර ගැනීම සඳහා නෞකාව තුල සිටින ශ්‍රී ලාංකිකයින් 64 දෙනා මේ වන විට ශ්‍රී ලංකා රජයෙන් හා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන බවත් දිසානායක මහතා වැඩිදුරටත් කීය

Exit mobile version