ලංකාව තුළ පැතිර යන කොවිඩ් වෛරසයේ විකෘති ප්‍රභේද හමුවෙලා…

සමන්තිකා වීරවර්ධන                                           

ශ්‍රි ලංකාව තුළ මේ වන විට පැතිර යන නව කොවිඩ් වෛරසයේ  බී 1  411 ප්‍රභේදයේ විකෘතිතා  කීපයක් මතුව තිබීම හේතුවෙන් වැඩිදුර පරික්ෂණ ආරම්භ කර ඇතැයි    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ  සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර  සඳහන් කරයි.

අප්‍රේල් මාසයේදී පරික්ෂාවට ලක්කල නියදි  55න් 35ක්ම ශ්‍රී ලාංකිකයන්ගෙන් වන අතර ඔවුන් සපුගස්කන්ද, බත්තරමුල්ල, මන්නාරම, යාපනය, කොළඹ හා කෑගල්ල ප්‍රදේශයන්ගෙන් පදිංචිකරුවන් බවද හෙතෙම පැවසීය.

බ්‍රිතාන්‍යයේ පැතිර යන කොරොනා වෛරස් ප්‍රභේදය වන  බී 117 සහිත පුද්ගලයින් 7ක් හමු වී ඇති අතර ඉන් 6 දෙනෙකුම විදේශිකයන් වන අතර ඔවුන් නිරෝදායන මධ්‍යස්ථානයන්ගෙන් වාර්තා වී ඇත. මෙම ප්‍රභේදය සහිත එක්  ශ්‍රී ලාංකිකයෙක් හඳුනා ගෙන තිබේ.  ඔහුද හමු ඇත්තේ නිරෝදායන ම්‍ධ්‍යස්ථානයකින් වන බැවින් සමාජ ගතවිමට ඉඩක් නොමැති යැයි අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.


කටාර් රාජ්‍ය සිට මෙරටට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ට දකුණු අප්‍රිකාවේ පැතිර යන බී1 351 නව ප්‍රභේදය වැලඳී ඇති බවත් ඔවුන්ද නිරෝධායන මධ්‍යස්ථානයකදී හමු වී ඇති බවත් වාර්තා විය.

ඩෙන්මාර්කයේ පැතිර  යන බී1 428  ප්‍රභේදය කොළඹ පදිංචිකරුවන් තිදෙනෙකුගෙන් හඳුනාගෙන තිබිණි.  

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඕනෑම වෛරසයක් කාලයත් සමග විවිධ විකෘතිතාවන්ට ලක්විය හැකි බැවින් සෞඛ්‍ය අංශ  ප්‍රකාශයට පත් කර තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නිවැරදි අනුගමනය කරන්නේ නම් මෙම වෛරස ආසාදනය වීමෙන් වැලකි සිටීමට අපට අපහසු නොවන බවත් ඉදිරියේදී එළඹෙන උත්සව සමය තුළදී සෞඛ්‍ය නීති රීතිවලට මුල්තැනදෙමින් කටයුතු කරන ලෙසත් වෛද්‍ය ජීවන්දර  ජනතාගෙන් ඉල්ලා සිටියි.

Exit mobile version