සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ ආසාදිත මරණ 08ක් වාර්තා කිරීමත් සමග ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 300 ඉක්මවා ගියේය. අද වනවිට වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 305කි.
කොලොන්නාව ප්‍රදේශයේ 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, පානදුර ප්‍රදේශයේ 67 හැවිරිදි කාන්තාවක්, ගාල්ල ප්‍රදේශයේ 58 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කළුතර ප්‍රදේශයේ 90 හැවිරිදි කාන්තාවක්, මොරටුව ප්‍රදේශයේ 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, පිලියන්ද ප්‍රදේශයේ 43 හැවිරිදි කාන්තාවක්, සයින්දමර්දු 12 ප්‍රදේශයේ 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, රත්නපුර ප්‍රදේශයේ 66 හැවිරිදි කාන්තාවක් මෙසේ මියගොස් තිබිණි.
එමෙන්ම අද දින තුළ කොවිඩ් ආසාදිතයන් 859ක් වාර්තා වූ අතර දිනකට මෙතෙක් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මෙය විය. මේ අතර බන්ධනාගර රැඳවියෝ 20 දෙනෙක් වූහ. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලෙන් වාර්තා වූ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 58489ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
ඒ සම්බන්ධව රජය නිකුත් කළ සියලුම නිවේදන පහත දැක්වේ.