ලංකාවේ කාන්තා ඝාතනවලින් 75%  සිදුවී ඇත්තෙ නිවෙස් තුළ…. ඝාතකයන්ගෙන් 60%  සහකරුවන්…  

ලලිත් චාමින්ද

කාන්තා ඝාතනවලින්  තුනෙන් දෙකක්  සිදුවී ඇත්තේ මහ දහවල් කාලයේ දී එකී කාන්තාවන්ගේ නිවෙස් තුළ දී බව කාන්තා ඝාතන සම්බන්දයෙන් තමන් විසින් සිදු කළ පර්යේෂණයකදී අනාවරණය වි ඇති බැව් කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ මහාචාර්ය  අනුරුද්ධි එදිරිසිංහ   සඳහන් කළාය.

එම පර්යේෂණයට අනුව කාන්තා ඝාතනවලින්   සියයට 75ක්  පමණ සිදුවි ඇත්තේ   නිවෙස්වලදි බවත්, පොදු හා අනිකුත් ස්ථානවල දි  කාන්තාවන් ඝාතනය වී ඇත්තේ   ඉතා අඩු සංඛ්‍යාවක්  බවත්  මහාචාර්වරිය පැවසුවාය. 

මේ පිළිබද අදහස් දක්වමින් ඇය මෙසේද කිවාය.

“මෙම ඝාතනවලට ප්‍රධාන හේතුව තමයි නිවස තුළ දී නැතිනම් පවුල් සංස්ථාව තුළදි ඇති වු ගැටුම්. අනික් කාරණය තමයි කාන්තා ඝාතනවලට සියයට හැටක් විතර  සිදුකරලා තියෙන්නේ සැමියා, අනියම් සැමියා පෙම්වතා හා වෙනත් පුද්ගලයෙකු විසින්. “


“හදුනානොගත් පුද්ගලයින් විසින් කාන්තාවන් ඝාතනයට ලක්කරලා තිබුණේ සියයට 18ක් විතර. මේ ප්‍රශ්නයට   නිවස තුළ තියෙන ප්‍රශ්නය විසදන්නේ නැතිව කුමන දේ කළත් වැඩක් නැහැ.“

“පවුල් ප්‍රශ්න, ප්‍රේම සම්බන්දතා, ලිංගික ප්‍රශ්න.  ආර්ථික ප්‍රශ්න කාන්තා ඝාතනවලට වැඩිවශයෙන් හේතු වී තියෙනවා. මෙම පර්යේෂණයට අනුව  පොලිස්වලට දෙතුන් වතාවකට වඩා සියයට අටක් පැමිණිලිකරලා තිබුණා. නමුත් පොලිසිය කියන්නේ මෙම පැමිණිලිකරන්නේ දඬුවමක් දෙන්න එපා ආරක්ෂාවෙනුවෙන් කියලා. නමුත් මේ නිසා අවසානයේ පවුල් සංස්ථාවේ ඇතිවු ගැටුම් අවසන්වෙලා තිබුණේ මිනිමරුම්වලින්. “ 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳ සමාජවිද්‍යාඥයින් විසින්ද මේ ගැන පර්යේෂණ සිදුකළ යුතුව ඇති බැව් මහාචාර්වරිය සඳහන් කළාය. මහාචාර්ය  අනුරුද්ධි එදිරිසිංහ    කාන්තා ඝාතන සම්බන්ධයෙන්  2013, 2014, සහ 2015  වර්ෂවලදි බස්නාහිර, දකුණු, නැගෙනහිර, සබරගමුව උතුරුමැද යන පළාත්වල  සිදුවු කාන්තා ඝාතන සිද්ධින් 243ක් ඇසුරෙහි සිය පර්යේෂණයක් සිදු කර ඇත.

Exit mobile version