ලංකාවේ අසරණ දෙමළ ජනතාවට  තමිල්නාඩුවෙන් වියලි ආහාර ද්‍රව්‍ය පාර්සල් කෝටි 04ක්..

දිනසේන රතුගමගේ –

ආර්ථික දුෂ්කරතාවයන් නිසා ආහාරපාන මිලට ගැනීමට නොහැකි උතුරු නැගෙනහිර හා කදුකරයේ ජනතාව වෙනුවෙන් තමිල්නාඩු රජය ඉන්දියාවේ මධ්‍යම රජය හරහා වියලි ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් මිලියන 40 ක් ලබා දීමට පියවර ගෙන ඇත.

තමිල්නාඩු ප්‍රාන්තයේ  මහ ඇමතිවරයා ඇතුලු පිරිස මෙම ආහාර ද්‍රව්‍ය මේ වන විට ඉන්දීය මධ්‍යම රජය වෙත බාර දී ඇති අතර එම ආහාර තොගය 20 දාට ප්‍රථම ශ්‍රී ලංකාවට ළගා වීමට නියමිතය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ආහාර ද්‍රව්‍ය අතර සහල් ටොන් 40,000ක්, කිරිපිටි ටොන් 500ක් සහ ජීවිතාරක්ෂක අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වර්ග 137ක් ඇති බව පවසන ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ දේශපාලනඥයින් තව දුරටත් ශ්‍රී ලංකාවේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ වර්ග අවශ්‍ය වන්නේ නම් ඒ පිළිබඳව සොයා බලා උපකාර කිරීමට සූදානම් බව තමිල්නාඩු ප්‍රාන්ත  ප්‍රධාන අමාත්‍ය ස්ටාර්ලින් මහතා ප්‍රකාශ කොට තිබේ.

 

 

Exit mobile version