ලංකාවට ආපු ඉම්රාන් ඛාන් අර්ජුන රණතුංගට පනිවිඩයක් දෙමින් කළ ධෛර්යවන්තභාවයේ කතාව

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ක්‍රිකට් ක්‍රීඩාවට සමු දී දේශපාලනයට පිවිසි තමන්ට අලුතින් දේශපාලන පක්ෂයක් පිහිටුවාගෙන වසර 14ක දුෂ්කර ගමනකින් පසුව රටේ නායකත්වයට පත් වන්නට හැකි වූ බවත් එය විශේෂයෙන් අර්ජුන රණතංගුට ලබා දෙන පනිවිඩයක් බවත් පසුගියදා මෙරටට පැමිණ ඊයේ (24) පිටව ගිය පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසා ඇත. ඔහු විසින් ක්‍රිකට් ක්‍රිඩාවට දක්වන ලද සේවාව වෙනුවෙන් අගය කිරීමක් සහිතව සංවිධානය කර තිබූ මෙම දිවා ආහාරයට මෙරට දේශපාලඥයින් මෙනම් ක්‍රිකට් ක්‍රිඩකයන් සහ ව්‍යපාරික ප්‍රජාවේ නියෝජිතයන් ගණනාවක්ද එක්ව සිටි අතර ඔහු එහිදී කළ කෙටි ඇමතීම කාටත් ආදර්ශයක් ගෙන දෙන ප්‍රකාහයක් ලෙස විචාරකයෝ හඳුන්වති.
හිටපු පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ද වන ඉම්රාන් ඛාන් තම ජයග්‍රාහී ගමන් මග පිළිබඳව ආවර්ජනය කරමින් අර්ජුන රණතුංගටද ඒ මග යා හැකි බවට ඉඟි කර තිබුණේ මෙලෙසිනි.
ක්‍රීඩාව අපට විශ්ව විද්‍යාලයයේදී ඉගෙන ගත නොහැකි ලොකු දෙයක් උගන්වනවා. අප ක්‍රීඩාවේදී තරගකාරීත්වයට මුහුණ දීම සඳහා ලබන පන්නරය ජීවිතයේ සෑම අරගලයක් සඳහාම හොඳ පන්නරයක් දෙනවා. නමුත් ප්‍රශ්නය තියෙන්නේ බොහෝ ක්‍රිඩකයින් තම ක්‍රිඩා ජීවිතය අවසන් වුණාම තමන්ට සුව පහසු හුරු පුරුදු ජීවිතය තුළ කාලය ගත කරනවා. ඔවුන් එතැනින් පසුව තවත් තරගකාරී අභියෝගාත්මක දෙයකට අත තබන්නේ කලාතුරකින්. එයින් වන්නේ ඔවුන් ක්‍රිකට් ජීවිතයේදී අත් දුටු සියලුම තරගකාරීත්වයන් ජය ගැනීම් අභියෝගයෙන් ඵලක් නැති වීමයි.
මගේ ක්‍රිකට් ජීවිතය වගේම දේශපාලන ජීවිතය ජය ගැනීමත් ඉතා කටුක අභියෝගාමත්මක එකක් වුණා. මම කිසි විටෙක පරාජය බාර ගැනීමට සූදානම් වුණේ නෑ. මම දිගටම පරාජය වුණා. හරියට මගේ පළමු ටෙස්ට් මැච් එක වගේ. එයිනුත් මම අසාර්ථක වුණා. පළමු මැතිවරණයේදී මට එකම ආසනයක්වත් ලැබුණේ නෑ. සියල්ල හේදී ගියා. බොහෝ දේශපාලන විචාරකයන් ඉම්රාන් ඛාන්ගේ දේශපාලනික මරණය වාර්තා කළා. මෙහෙම පැරදුණු මා දේශපාලනයට විහිළු සපයන්නෙක් වුණා. මාව හාස්‍යයට ලක් වුණේ අවුරුද්දක් දෙකක් තුනක් නෙවෙයි අවුරුදු 14ක්.
මට දේශපාලනයට එන්න එවකට රටේ තිබුණු දේශපාලන පක්ෂයකට පහසුවෙන් එකතු වෙන්න තිබුණා. ඒත් මම එහෙම කළේ නෑ. මම තනිවම පක්ෂයක් පිහිටුවා ගත්තා. කිසිම දේශපාලන අත්දැකීමක් නැතිව. ඒ වනවිට රටේ නමක් තිබූ කිසිම දේශපාලඥයෙක් මා සමග මගේ පක්ෂයට එකතු වුණේ නෑ. මොකද ඔවුන් හිතුවේ මට ජයග්‍රහණය කරීමේ අවස්ථාවක් නැතිවේවි කියල. මම පක්ෂය පටන් ගත්තේ කිහිප දෙනකුගෙන්. අවුරුදු 14ක් යන තෙක් මා ගමන් කළේ තනිවම. අර්ජුන මේක ඔබට දෙන පනිවිඩයක් . අහන්න මම අවුරුදු 14ක් ගමන් කළේ තනිවම. මට මෙය දරා ගන්න පුළුවන් වුණේ ක්‍රිකට්වලින් මා ඉගෙන ගත් පාඩම් නිසයි.
අද මට මෙතන මගේ පැරණි සගයන් මෙතැන දකින්නට ලැබීම සතුටක්. මම මුලින්ම ලංකාව සමඟ ක්‍රිකට් තරගයකට පැමිණි දිනය සිහි වෙනවා. ඒ කාලේ ශ්‍රි ලංකාවේ ක්‍රිකඩකයන් සතු දක්ෂතා සහ රටේ ක්‍රිකට්වල අනාගතය ගැන මට යම් අවබෝධයක් තිබුණා. නමුත් ශ්‍රි ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩකයන් හිතුවේ ඔවුන්ට කවදාවත් දිනන් බැරි වෙයි කියල. එවැනි මානසිකත්වයක් තිබුණා. ඒක පකිස්තාන ක්‍රීඩයන්ටත් තිබුණා. මට මතකයි අපි මුලින්ම එංගලන්තය මඟ තරගයකට ලන්ඩනයට ගිය වෙලාවේ මගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයො කිව්වේ අපිට එංගලන්තේ එක්ක ගහල දිනන්න හිතන්නවත් එපා කියල.අපි ආවේ ඉගෙන ගන්න කියල. අපි සෙල්ලම් කළේ දිනන්න බෑ කියන මානසිකත්වයෙන්. මේ නිසාම මේ තරගාවලියේ අපිට දිනා ගන්න පුළුවන්කම තිබූ තරග පවා පරදින්න සිදුවුණා. නමුත් අප දිනන මානසිකත්වයක් විශ්වාසයක් ඇති තර ගතතාට පසුව තත්ත්වය වෙනස් වුණා. ශ්‍රි ලංකාවේ කතාවත් එහෙමමයි. කෙහොම වුණත් ශ්‍රි ලංකා කණ්ඩායම තම ආත්ම විශ්වාසය වර්ධනය කර ගත්තා දිනන මානසිකත්වයකට කෙසේ හෝ පරිවර්තනය වුණා. අර්ජුන ඔබේ කැපවීම මම අගය කරනවා. ඔබ අධිෂ්ටානශීලීව අපේ රටේ ලාහෝරයේදී ලෝක ශූරතාව ජයග්‍රහණය කළා. ඒ ජයග්‍රහණය දැකීමත් මට විශාල සකුටක් ගෙන දුන්නා යයි සඳහන් කළේය.

Exit mobile version