ලංකාපුර තවත් කොවිඩ් ආසාදිතයෙක් ගැන පුලස්තිපුර පොලිසිය ප්‍රදේශවාසීන්ට කියයි…

ලංකාපුර ප්‍රදේශයෙන් තවත් කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වී ඇති බව  අද (01) දහවල් පුලස්ති පුර පොලිසිය ප්‍රදේශවාසීන්ට නිවේදනයක් නිකුත් කරමින් කීවේය. පොලිසිය කියා තිබුණේ හැකි උපරිම ආකාරයට සෞඛ්‍ය පිළිවෙත් ආරක්ෂා කරගෙන පවතින ලෙසය.

මේ වනවිට මෙම පුද්ගලයා ඇසුරු කළ 1200කට ආසන්න පිරිසක් නිවෙස් තුළම නිරෝධායනයට ලක් කර තිබේ. නිරෝධායනයට ලක් කළ පිරිස අතර ගිරිතලේගම මහා විද්‍යාලයේ සිසුන් සහ කාර්ය මණ්ඩලය ද වේ. එම විද්‍යාලයේ ගුරුවරයෙක් හා මෙම ආසාදිතයා අතර ඇති සම්බන්ධය නිසා මේ පියවර ගෙන ඇත.

නිරෝධායනයට ලක් කළ පුද්ගලයන්ගේ කොටස් වශයෙන් පී.සී.ආර්. පරීක්ෂණ කරමින් පවතී. පෙරේදා පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කළ පිරිස 160ක් වන අතර ඔවුන්ගෙන් කිසිවෙක් ආසාදිතයන්ක බවට තහවුරු වී නැත.  ඊයේ දිනයේ පුද්ගලයන් 392කගේ පී.සී,ආර්. පරීක්ෂණ වාර්තා අද ලැබනේනට නියමිතව තිබිණි. අදත්  තවත් පිරිසක් පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කිරීමට නියමිය.


කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය මුල් කරගෙන මේ වනවිට කොවිඩ් ආසාදිතයන් 600ක් හඳුනාගෙන ඇතැයි කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අතරින් 482ක්  පුනරුත්ථාපනය වන රැඳවියන් බවත්, ඉතිරි 118 දෙනා  කන්දකාඩු මධ්‍යස්ථානය හා සම්බන්ධතා ඇති,  බාහිර සමාජයෙන් හමුවූ පිරිසක් බවත් එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

Exit mobile version