රෝහල් 600 සෞඛ්‍ය කාර්ය මණ්ඩල අද වර්ජනයක…

Nurses-strike

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල අනාවාර්යයෙන් සේවයට කැඳවීමේ චක්‍රලේඛයට එරෙහිව දිවයින පුරා රොහල් 600ක සෞඛ්‍ය කාර්ය මණ්ඩල අද පෙරවරු 07 සිට 12 තෙක් සේවයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය ප්‍රකාශ කළේ මෙම අනිවාර්ය සේවයට කඳවීම සම්බන්ධව වෘත්තීය සමිති ලෙස තමන් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා කළ බවත් ඒ පිළිබඳ අවසන් තීන්දුවක් ලබා නුදුන් බවත්ය.

“ රිජ්වේ ආර්යා ළමා රෝහල, කාසල් වීදිය කාන්තා රෝහල, පිළිකා රෝහල තුළ අපි මේ ක්‍රියාමාර්ගය ගන්නේ නෑ. කොරෝනා රෝහල්වල උද්ඝෝෂණ ව්‍යාපාරය විතරක් කරනවා. අපි ආණ්ඩුවට කියන්නේ මේ චක්‍රලේඛය සෞඛ්‍ය සේවාවට අවලංගු කරන්න. ඒ වගේම පොරොන්දු වූ දීමනා ඇතුළු අනෙකුත් සහන දෙන්න කියන බලකිරීමත් අපි කරනවා.”

සභාපතිවරයා කීවේය.

Exit mobile version