රෝහල්   සේවිකාවක් සහ සේවකයෙක් බහින්බස් වී අධි සාන්ද්‍ර ලයිසෝල් ගහගෙන… බරපතල පිලිස්සුම් සහිතව දෙදෙනාම රෝහලේ!

Acid

පොත්තපිටිය කොටලිගොඩ ග්‍රාමීය රෝහලේ රෝහල් උපස්ථායක සේවකයෙකු හා කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවිකාවක අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් එල්ල කළ අධි සාන්ද්‍ර ලයිසෝල් ප්‍රහාරයකින් දෙදෙනාම බරපතල තුවාල ලැබ පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහල් කොරිඩෝවේදී ඊයේ (30) දහවල් 11.45 ට පමණ මෙම දෙදෙනා අතර බහින්බස් වීම හටගෙන තිබෙන බව පරීක්ෂණ මගින් හෙළිව ඇත.

රෝහල් උපස්ථායක සේවකයා 54 වැනි වියේ පසුවන බවත් කණිෂ්ඨ සේවිකාව 48 වැනි වියේ පසුවන බවත් පොලීසිය පවසයි.

රෝහල පිරිසිදු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබාදෙන ලයිසෝල් මෙම ප්‍රහාරයට යොදාගෙන තිබේ.


දෙදෙනා විසින් දෙදෙනාට ලයිසෝල් ප්‍රහාරය එල්ල කරගෙන ඇත.

සිද්ධිය ඇසින් දුටුවෙකු නොමැති නිසා දෙදෙනා විසින් ලබාදෙන ප්‍රකාශ පදනම් කර ගනිමින් පරීක්ෂණ සිදුකළ යුතුව තිබෙන බව පොලීසිය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලයිසෝල් තැවරීම නිසා දෙදෙනාගේම ශරීර 75 % ක පමණ ප්‍රමාණයක් පිළිස්සී තිබෙන බව වෛද්‍යවරු පවසති. බරපතල පිළිස්සුම් තුවාල ලත් සේවකයින් දෙදෙනා කොටලිගොඩ ග්‍රාමීය රෝහලට ඇතුළත් කර මූලික ප්‍රතිකාර ලබා දීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බව මේ සම්බන්ධව කළ විමසීමකදී කොටලිගොඩ රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය නාලිනි හේරත් කීවාය.

 

 

Exit mobile version