රෝහල් සහ අතරමැදි මධ්‍යස්ථාන ඉඩ නෑ… කොවිඩ් ආසාදිත දරුවන් අද සිට නිවෙස් තුළ…

ජාතික ළමා රෝහල ඇතුළු සියලුම රෝහල්වල ළමා වාට්ටු කොවිඩ් ආසාදිත   පිරී යෑමත්, ආසාදිත දරුවන් සීඝ්‍ර ලෙස වර්ධනය වීමත් සමග සුළු රෝග ලක්ෂණ සහිත දරුවන් නිවෙස්වල රඳවා ප්‍රතිකාර කිරීම අද (11) සිට ආරම්භ වූ බව සෞඛ්‍ය අංශ නිවේදනය කළේය.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා  පැවසුවේ ආසාදිත දරුවන්ගේ වැඩිවීමත් සමග වෙනත් විකල්පයක් නොමැතිවූ බවය.

මේ වනවිට ජාතික ළමා රෝහල කොවිඩ් ප්‍රතිකාර සඳහා ප්‍රමුඛත්වය ලබා දී ඇති බවත් දරුවෙකුට යම් සංකූලතාවයක් මතුවුව හොත් වහාම රෝහල කරා රැගෙන ආ යුතු බවත් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කීවේය.


“නිවසේ සිට ප්‍රතිකාර කිරීමේදී දරුවා රැකබලා ගැනීමට යම් වැඩිහිටියෙකු නිරන්තරයෙන්ම ළඟ සිටිය යුතුයි. දුරකතන මාර්ගයෙන් ප්‍රතිකාර නියම කිරීම් සිදුවන නිසා ඊට අදාල පහසුකම් ලබාදීමට භාරකරුවන් සූදානමින් ඉන්න අවශ්‍යයයි.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ කොවිඩ් ආසාදිතවූ දරුවන්ට නිවසේ සිට ප්‍රතිකාර කිරීම පිළිබඳ විමසීම සඳහා1390 යන ක්ෂණික දුරකතන අංකය හඳුන්වා දී තිබෙනවා.   ඒ කෙසේ වෙතත් නිදන්ගත රෝග හෝ වෙනත් දීර්ඝකාලීන රෝගයන්ගෙන් පෙළෙන දරුවන් අනිවාර්යෙන්ම රෝහල්වලට යොමු  කළ යුතු වෙනවා.“ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් කීවේය.

Exit mobile version