රෝහල් කොරිඩෝවලත් බෙහෙත් පෙට්ටි… අවුරුදු 10ක් තුළ කෝටි  626ක  ඖෂධ විනාශයි… කෝපා කියයි!

නියමිත ප්‍රමිතියට ඖෂධ ගබඩා නොකිරීම හේතුවෙන් වසර 10ක් තුළ රුපියල්  මිලියන 6259ක ( හයසිය විසිපන් කෝටි අනූ ලක්ෂයක)  ඖෂධ ඉවත දමා ඇතැයි කෝපා කමිටුව නිවේදනය කරයි.

වර්ෂ 2011 සිට 2020 දක්වා  කාලය තුළ  තත්ත්වයෙන් අසමත් වූ මෙම  ඖෂධ පිරිවැය  සැපයුම් කරුවන්ගෙන් අය කරගැනීමට ද නොහැකි වී ඇති බව එම කමිටුව පෙන්වා දෙයි.

වෛද්‍ය සැපයුම් අංශය සතු ගබඩාවල උෂ්ණත්ව නියමිත පරිදි පවත්වාගෙන ගොස් නැති බවත්,  වෛද්‍ය  සැපයීම් මධ්‍යම ඖෂධ ගබඩාවේ හා රෝහල්වල කොරිඩෝවල තැන්පත් කර ඇති බවත් කමිටුව නිරීක්ෂණය කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඖෂධවල සුරක්ෂිතතාවය සුරැකෙන අයුරින් ඖෂධ ගබඩ කිරිම සඳහා පහසුකම් ඇති කිරීමේ වැඩපිළිවෙළක් හැකි ඉක්මනින් අවසන් කරන මෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත නියෝග කර තිබේ.


Exit mobile version