රෝහල්වල මිනී ගොඩ ගැහෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ චක්‍රලේඛයක් නිසා… හදිසි මරණ පරික්ෂවරු කියති.

covid

කොවිඩ් අසාදිත පුද්ගලයෙකු නිවසේදී මරණයට පත්වුව හොත් මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා අධිකරණ වෛද්‍යවරයෙකුට යොමුකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත්කර තිබෙන චක්‍ර ලේඛණය හේතුවෙන් රෝහල් තුළ කොවිඩ් මළ සිරුරු ගොඩ ගැසීමේ තත්ත්වයක් මතුව ඇතැයි ශ්‍රි ලංකා හදිසි මරණ පරික්ෂකවරුන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම්,දික්ඔය මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂක මොහොමඩ් ෆසීර්   පවසයි.

හැටන් නගරයේදි අද(15) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

අධිකරණ වෛද්‍යවරු සෑම රෝහලකම නොමැති බැවින් ඇතැම් අවස්ථාවල කොවිඩ් දේහයක් කිලෝ මීටර 60 කට වඩා වැඩි දුරක් ප්‍රවාහනය කිරීමට සිදුවන බවත් මේ නිසා මුදල් වැය වීමට අමතරව තවත් ගැටලු රැසක් මතුව තිබෙන බවත් හෙතෙම පැවසුවේය.


නිවසේදී මියගිය කොවිඩ් ආසාදිත පුද්ගල මළ සිරුරක් පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සිදුකර ඥාතීන්ගේ කැමැත්ත මත ආදාහනය කිරීමට දින ගණනාවක් ගතවන බවත් මෙම ප්‍රමාදය සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ජූනි 19 දින නිකුත් කරන ලද චක්‍රලේඛණය නිසා සිදුවන බවත් ඔහු  කීය.

චක්‍රලේඛණ නිකුත් කිරීමේදී ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව සම්බන්ධවද සොයා බලන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට තම සංගමය දැනුම් දී ඇතැයිද ඒ මහතා පැවසුවේය. රෝහලකදී කොවිඩ් ආසාදිතයෙකු මරණයට පත් වුවහොත් පශ්චාත් මරණ පරික්ෂණය සිදුකිරීම සම්බන්ධව ගැටලුවක් නොමැති බවත් අධිකරණ අමාත්‍යංශයෙන් ලැබෙන සහය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නොලැබෙන බවත් ‍මාධ්‍ය ලේකම්වරයා කීය.

කොළඹ ජාතික රෝහල හා සමාන පහසුකම් ඇති රෝහල් මෙරට තිබෙන්නේ ඉතාම සුළු සංඛ්‍යාවක් පමණක් බවත් ප්‍රධාන රෝහල් වලතියෙන පහසුකම් ගැන සැලකිලිමත් වී චක්‍රලේඛණ නිකුත් නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් ගෙන් ඉල්ලා සිටින බවත් මාධ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හදිසි මරණ පරික්ෂකවරු 600 ක් පමණ සිටිය යුතු වුවත් මේ වන විට මෙරට රාජකාරී කරනු ලබන්නේ 300 දෙනෙකු පමණ බවත් මේ නිසා ඇතැම් ප්‍රදේශවල හදිසි මරණ පරික්ෂකවරුන්ට පැය 24 පුරා සේවයේ යෙදීමට සිදුව තිබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය

Exit mobile version