රෝහලට යන්න  ඉන්ධන නෑ… නිකවැරටියේ මවක් නිවසේ දි දරු ප්‍රසූතිය කරයි…

ඉන්නධන  නොමැති වීම හේතුවෙන් රෝහල් ගත වීමට නොහැකි මවක් සිය  දරු  ප්‍රසූතිය   නිවසේදී සිදුකර ඇති බවට තොරතූරු අනාවරණය වෙමින් පවතින බව පවුල්සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු   සඳහන් කරයි. 

මෙම දරුවා සහ මව කුලියාපිටිය රෝහලේ යහපකත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන බව ඇය සඳහන් කළාය.

මෙම මව රෝහල් ගත කිරීම සඳහා කුලියාපිටිය ප්‍රදේශයේ 1990 ගිලන් රථයක් නොමැති වීම හේතුවෙන් කොබෙයිගනේ ප්‍රදේශයේ සුවසැරිය ගිලන් රථය කැඳවා ඇති අතර එය පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් නිවස තුළ දරු ප්‍රසූතිය සිදුකර ඇති බව අය සඳහන් කළාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම මවගේ තුන්වන දරු ප්‍රසූතිය බවද ඇය අධි රුධිර පීඩනයෙන් පෙළෙන මවක් බවද සභාපති දේවිකා කොඩිතුවක්කු සඳහන් කළාය.


Exit mobile version