රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයන් නිවෙස්වල තියන්න…

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සෞඛ්‍ය අංශවලින් ඉල්ලයි....

කොවිඩ් වෛරසය ආසාදිත නමුත් කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වන ආසාදිතයන් නිවෙස් තුළ නිරෝධායනය කළ හැකි ද යන්න පිළිබඳව තමන් සෞඛ්‍යය බලධාරීන් හා සාකච්ඡා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.

කොවිඩ් 19 වැළැක්වීමේ  කාර්ය සාධක බලකාය මේ සම්බන්ධව  සාක්ච්ඡා කළ බවත් සමහර රෝගීන්ට දින 14 පුරාම කිසිම රෝග ලක්ෂණයක් මතු නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එබැවින් මේ ඉල්ලීම සෞඛ්‍ය බලධාරීන්ගෙන් කළ නමුත් මේ වනවිටත් ස්ථිර පිළිතුරක් ලබා නුදුන් බව හමුදාපතිවරයා කීය.


Exit mobile version