රෝගී ධාරිතාව පැන්නොත් දිස්ත්‍රික් රෝහල් සූදානම්

කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය දැනට සූදානම් කර ඇති රෝහල් ධාරිතාව ඉක්මවා ගියහොත් වහා දිස්ත්‍රික් රෝහල් මේ සඳහා සූදානම් කිරීමට සෞඛ්‍ය අමාතයංශය පියවර ගෙන තිබේ.

මෙම දිස්ත්‍රික් රෝහල්වල මේ වනවිට කොවිඩ් ප්‍රතිකාර සඳහා පුහුණුව ලද කාර්ය හණ්ඩලයක් නොමැති අතර ඔවුන්ට අවශ්‍ය පුහුණුව ආසන්නතම මූලික රෝහල මඟින් ලබා දීමට අවශ්‍ය පියවරද මේ වනවිට ගෙන ඇති බව සෞක්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාසරට පැවසීය.

මේ වනවිට දිවයින පුරා රෝහල් 12ක ඇඳන් 1552ක් මේ සඳහා සූදාන්ම කොට ඇති අතර මේවායේ මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාරතා වූ රෝගීන් සහ විදේශවලින් පැමිනි ශ්‍රි ලාංකිකයයෝ ප්‍රතිකාර ලබති.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද (11) සවස 3.30 වනවිට නිල වාරතා අනුව රෝහල් ගත රෝගීන්ගේ සංඛ්‍යාව 1308 විය. ජාතික බෝවන රෝග පිළිබඳ විද්‍යායතනය හෙවත් අයි.ඩීඑච් රෝහල, මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල, වැලිකන්ද මූලික රෝහල, මුල්ලේරියාවේ නැගෙනහිර කොලඹ මූලික රෝහල, ඉරණවිල රෝහල, මිනුවන්ගොඩ මූලික රෝහල, හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල, රඹුක්කන දිස්ත්‍රික් රෝහල, කඹුරුගමුව රෝහල, තෙල්දෙණිය මූලික රෝහල, කානත්කුඩි රෝහල සහ හෝමාගම මූලික රා්හල තුල මෙම ඉඩ වෙන්ව ඇති අතර දැනට වැඩිම ඇඳන් සංඛ්‍යාවක් වෙන්වූ රෝහල වන්නේ මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලයි. එහි කොවිඩ් ප්‍රතිකාර සඳහා වෙන්වූ ඇඳන් සංඛ්‍යාව 400කි.

Exit mobile version