රෝහලෙන් පැන බොන්න ආපු කොටගල ආසාදිතයෙක් නිසා බාර් සේවකයන් නිරෝධායනයේ…

කොවිඩ් -19 වෛසරය අසාදනය වි  නිරෝධානයට වෙමින් සිටිය දී  හොරෙන් පැන පැමිණ හැටන් කොටගල නගරයේ මත්පැන් අළෙවි සැල් දෙකකින්  මත් පැන් මිලදී ගත් හැටන් කොටගල ඩ්‍රෙටන් වතුයායේ ජීවත්වන  බේබදු රෝගියෙක් පිළිබඳ තොරතුරු වාර්තා වීමත් සමග   එම මත්පැන් අළෙවි සැල් දෙක වසා දමා එහි සේවකයින් අට දෙනෙකු ඇතුළු ඔවුන්ගේ පවුල් වල සමාජිකයින් ස්වයං නිරෝධානයට යොමු  කිරීමට  කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරු අද (28)  කටයුතු කලහ.

මේ අතර ආසාදිත  පුද්ගලයා හැටන් කොටගල නගරයේ සංචරණය කළ ස්ථාන විෂබිජහරණයට ලක් කිරිමටද මහජන සෞඛ්‍යය පරික්ෂකවරු පියවර ගත්හ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හැටන් නගරයෙන් හමුවූ කොවිඩ්- 19 වෛසරය අසාදනය වූ පුද්ගලයින් 11ගෙන් කෙනෙක් වූ ඔහු  පෑලියගොඩ මත්ස්‍යය වෙළෙඳ පොළේ සේවය කළ අයෙකි.


 

Exit mobile version