රොනීගේ අභාවයට ගිය අගමැති රැගත් හෙළිකොප්ටරය ගොඩබාද්දී ඇති වූ සුලඟට මාතර තානායමේ වහළය පා වෙයි!

අභාවප්‍රාප්ත රොනී ද මැල් ගේ අවමංගල්‍ය උත්සවයට සහභාගීවිමට ගිය අගමැතිවරයා රැගත් හෙළිකොප්ටර් යානය ඊයේ (01) මාතර කොටුව ක්‍රීඩාංගනයට ගොඩබෑමේ දි මාතර තානායමේ වහලයෙන් කොටසක්  ගලවාගෙන ගොස් තිබේ.

වහළයෙන් කොටසක් සුළඟට ගැලවී යෑම හේතුවෙන් ඊයේ දිනයේ සිට අදාල සේවා සැපයිමට මාතර තානායමට නොහැකි වී ඇති අතර  ආහාර විශාල ප්‍රමාණයක් අපතේ හැරීමට සිදු වූ බව මාතර තානායම පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සිද්ධියෙන් මාතර තානායමේ ඒ අවස්ථාවේ සිටි පාරිභෝගිකයින්ට හෝ අමාත්‍යවරයා ඇතුලු කණ්ඩායමට කිසිම හානියක් සිදුවී නැති බව වාර්තා වෙයි.

Exit mobile version