රුසියාව එක්ක ඉන්දියාව කරනු අලුත්ම ගනුදෙනුව

රුසියාවට ඖෂධ, කෘෂිකාර්මික නිෂ්පාදන, ඉලෙක්ට්‍රොනික උපකරණ සහ වාහන උපාංග අපනයනය ඉහළ නැංවීමේ හැකියාව පිළිබඳ ඉන්දියාව විසින් මේවන විට ගවේෂණය කරනු ලබමින් සිටින බවට අනාවරණය වේ.

ඒ් අනුව ඉදිරියේදී රුසියාව සහ ඉන්දියාව අතර ද්වීපාර්ශවීය සම්බන්ධතා තවදුරටත් වර්ධනය කරගැනීමටත් දෙරට අතර වෙළෙඳාම පූළුල් කිරීමත් මෙමගින් අපේක්ෂා කරන බව ඉන්දියාවේ රුසියානු තානාපති ඩෙනිස් අලිපොව් සඳහන් කරයි.

” මේ වන විට රුසියානු වෙළඳපොලේ පවතිනපුරප්පාඩු වූ අංශ සඳහා ඉන්දියානු සමාගම්වල උනන්දුව වර්ධනය වෙමින් පවතිනවා. ඒ වගේම මෙමගින් දෙරට අතර සම්බන්ධතා සහ මිත්‍රත්වය තවදුරටත් වර්ධය වීමක්ද සිදුවෙනවා.” යනුවෙන් තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.


රුසියානු තානාපතිවරයාට අනුව, ඖෂධ හාදියමන්ති අංශයන් හී ආයෝජන සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා පාර්ශ්වයන් අපේක්ෂා කරයි. මේ අතර පතල් කර්මාන්තයේ, සිවිල් ගුවන් සේවා සහ නැව් තැනීම යන අංශ වල සහයෝගීතා වර්ධනය කිරීම පිළිබ සලකා බලමින් සිටින බවද තානාපතිවයරා පවසා ඇත.

රුසියාව සහ ඉන්දියාව අතර වෙළඳ පිරිවැටුම සමස්තක් ලෙස 2021 වර්ෂයේදී ඩොලර් බිලියන 13.6 ක් වාර්තා වූ අතර ඊට සාපේක්ෂව මේ වසරේ මුල් මාස හය තුළ ඩොලර් බිලියන 11 ඉක්මවා ගොස් ඇත. ඒ අනුව එය පෙර නොවූ විරූ ලෙස වැඩිවෙමින් පවතින බවද රුසියාන තානාපතිවරයා පෙන්වා දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම තත්ත්වය අනුව2025 වන විට අන්‍යෝන්‍ය වෙළඳාමේ වාර්ෂික පරිමාව ඩොලර් බිලියන 30 දක්වා ඉහළ නැංවීම දෙරටේ අරමුණ බව ඔහු සඳහන් කර ඇත.

Exit mobile version