රුසියාවේ කොවිඩ් එන්නත් යුක්රේනය තහනම් කරයි

යුක්රේනයේ පාර්ලිමේන්තුව විසින් රුසියාවේ නිපදවන ලද COVID-19 එන්නත් අනුමත කිරීම සහ භාවිතය තහනම් කර තිබේ.

ඒ එරට තුළ කොවිඩ් එන්නත් අනුමත කිරීම වේගවත් කිරීම සඳහා අද අනුමත කළ පනත් කෙටුම්පත මගිනි.

ගෝලීය COVAX පහසුකම යටතේ ෆයිසර් ඉන්කෝපරේෂන් සහ ජර්මනියේ BioNTech විසින් නිපදවන ලද එන්නත් මාත්‍රා 100,000 සිට 200,000 දක්වා පෙබරවාරි මාසයේ දී ලබා ගැනීමට යුක්රේනය අපේක්ෂා කරයි.


යුක්රේනය කිසිදු කොවිඩ් එන්නතක් මෙතෙක් අනුමත කර නොමැත.

නමුත් යුක්‍රේන බලධාරීන් පවසා ඇත්තේ රුසියාවේ එන්නත් අනුමත නොකරන බවත් භාවිතා නොකරන බවත් ය.

යුක්රේනය සමග වන රුසියානු සබඳතා බිඳ වැටී ඇති පසුබිමක එක් දේශපාලන බලවේගයක් රුසියානු එන්නත ලියාපදිංචි කිරීමට උත්සාහ ගන්නා බව යුක්රේනයේ සෞඛ්‍ය අමාත්‍ය මැක්සිම් ස්ටෙපනොව් රූපවාහිනී සාකච්ඡාවකට පැවැසීය.

එහෙත් රුසියාවේ කිසිදු එන්නතක් රට තුළ ලියාපදිංචි කරන්නෙ නැති බව යුක්‍රේන රජය අවධාරණය කර ඇත.

රුසියාවේ විපක්ෂ චරිතයක් වන වික්ටර් මෙඩ්වෙඩ්චුක්ගේ සහාය ඇතිව යුක්රේන ඖෂධ සමාගමක් වන බයෝලික් සමාගම විසින් මේ මස මුලදී රුසියාවේ ස්පුට්නික් -වී කොවිඩ් -19 එන්නත, රාජ්‍ය අනුමැතිය සඳහා ඉල්ලුම් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2014 දී රුසියාව විසින් ක්‍රිමියාව යුක්රේනයෙන් ඈඳා ගැනීම සහ යුක්‍රේනයේ නැගෙනහිර ඩොන්බාස් කලාපයේ ගැටුම් ඇතිවීමෙන්අනතුරුව දෙරට විරසක විය.

Exit mobile version