රුසියානු ප්‍රහාරවලින් යුක්රේනයේ සාමාන්‍ය වැසියන් 2500කට වඩා දැනට මිය ගිහින්…

රුසියානුවන් විසින්  වටලනු ලැබූ යුක්රේන  නගරයක් වන මරියුපොල් හි සිවිල් වැසියන් දෙදහස් පන්සියයක් පමණ මේ වනවිට මිය ගොස් ඇතැයි යුක්රේන බලධාරීහු පවසති.

මේ වනවිටත් ජීවතුන් අතර සිටින මරියුපෝල් හි සිවිල් වැසියන් සී.එන්.එන් සේවයට පවසා ඇත්තේ  නගරයේ ජීවිතය   දරාගත නොහැකි තරම් බිහිසුණු බවත් එය නිරයක් බවට පත් වී ඇති බවත්ය.   .

ඩොනෙට්ස්ක් ප්‍රාදේශීය නාට්‍ය රඟහලට  ඊයේ රුසියානු හමුදා විසින් බෝම්බ හෙළනු ලැබුවේය. එය විශාල සිවිල් වැසියන් පිරිසක් ලැගුම් ගෙන සිටි ස්ථානයකි.  දරුවන් එම රඟහලේ සිටින බව ගුවනට පෙනෙන සේ “ දරුවන් “ ලෙස රඟහල දෙපස විශාල අකුරින් සටන් කර තිබුණු අයුරු සී.එන්.එන්. සේවය වාර්තා කළේය.  එහෙත්  මෙම රඟහලට රුසියානු ගුවන් හමුදාව බෝම්බ හෙළුවේය. දිවි ගලවාගත් පරිස් අද උදෑසන ගිනි ගත් රඟහලේ සුන් බුන් අතරින් එළියට එමින් සිටි බව ප්‍රාදේශීය ප්‍රධානියෙක් මාධ්‍යයට පවසා තිබිණි.


රඟහල දෙපස දරුවන් රැඳී සිටින බවට ගුවනට පෙනෙන සේ ලියා ඇති අයුරු…

යුක්රේනයේ ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකොව් අද කීවේ ඩොනෙට්ස්ක්  රඟහලට බෝම්බ හෙලූ රුසියානු ගුවන් නියමුවා මනුෂ්‍යයෙක් නොව  “රකුසෙකු” බවය.

“කී දෙනෙක් මිය ගියාද  දන්නේ නෑ. වෙරළබඩ නරගය වැටලුවට පස්සෙ සිවිල් වැසියන් සිය ගණනක් මේ ගොඩනැගිල්ලෙ නවාතැන් ගෙන සිටියා. “ යුක්රේන බලධාරීහු කියා සිටියහ.

ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අපායක් බඳු මරියුපොල් නගරයේ එහි සිරවී සිටිති.    සාමාන්‍ය වැසියන් 2,500 ක් පමණ මිය ගොස් ඇති බව යුක්රේන නිලධාරීන් ගණන් බලා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සීඑන්එන් –

Exit mobile version