කොළඹ වාණිජ මහාධිකරණයේ පිස්කල්වරයාගේ වැඩ තහනම්…

කොළඹ වාණිජ මහාධිකරණයේ පිස්කල් නිලධාරියාගේ වැඩ තහනම් කරන ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ උපදෙස් ලබාදී තිබේ.

පෞද්ගලික නීතිමය ආරවුලක් මත රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ  යානයක් සෙනසුරාදා කටුනායක ගුවන් තොටුපළේ රඳවා ගැනීමේ සිද්ධියට අදාළව මෙම නියෝගය නිකුත් කර ඇත.

අමාත්‍ය විජේදාස රාජපක්ෂ  පැවසුවේ, ගුවන් සමාගමට එරෙහිව නිකුත් කර ඇති වාරණ නියෝගය සම්බන්ධයෙන් පිස්කල් නිලධාරියා  සිය බලතල අයුතු ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ල වී ඇති බවයි.

සිද්ධියට අදාළව චූදිත නීතීඥවරයාට එරෙහිවද පියවර ගැනීම සුදුසු බව  අධිකරණ අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.


සෙනසුරාදා සිට ශ්‍රී ලංකාවේ රඳවාගෙන සිටි එරෝ‍ෆ්ලොට්  ගුවන් යානය ඊයේ මොස්කව් බලා පිටත්ව ගොස් තිබිණි.

එම සිද්ධියත් සමග  තම ප්‍රධාන ගුවන් සේවයේ යානයක් හදිසියේ   රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් රුසියාව ලංකා රජයට සිය කනස්සල්ල පළ කර කළේය. අනතුරුව මෙම සිද්ධිය විසඳා ගැනීම සඳහා  මැදිහත් වන ලෙස පළාත් පාලන ආයතනවලින් ඉල්ලා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊයේ  කොළඹ වාණිජ මහාධිකරණයේ දී  නීතිපතිවරයා කළ කරුණු දැක්වීමෙන් අනතුරුව ගුවන්යානයට එරෙහිව පනවා තිබූ වාරණ නියෝගය අත්හිටුවා    යානයට පිටත්වීමට අවසර ලබා දුන්නේය.

Exit mobile version