රුපියල් 5000යි ට්‍රිප් එකට දුන්නේ දවස් 14ක් නිරෝධායනයට දැම්මා…

යුක්‍රේන සංචාරකයන් රැගෙන යාල ගිය තිස්ස සෆාරි රියදුරන් 28ක් නිරෝධායන මධ්‍යස්ථානයේ සිට කියති.

අවුරුද්දකට පසු පැමිණි සංචාරකයන් පිරිසක් සමග යාල වනෝද්‍යානයේ සෆාරි සංචාරයක නිරත වූයේ මෙවැනි අර්බුදයකට ලක්වන්නේ යැයි   නොදැන බවත්,  රුපියල් පන්දහසක මුදලක් වෙනුවෙන් පැමිණි තමන් ඇතුළු පිරිසි දින 14ක් නිරෝධායනයට ලක් කර පවුල් පිටින් කුසගින්නේ තැබීම මොනතරම් සාධාරණ දැයි   රජයෙන් ප්‍රශ්න කරන බවත්   තිස්සමහාරාම යාල සෆාරි රියදුරන් වෙනුවෙන් ප්‍රකාශයක් කරමින් වීඩියෝ පටයක් නිකුත් කරන සම්පත් ගලප්පත්ති නැමැති රියදුරෙක් පවසයි.

මේ වනවිට තමන් ඇතුළු රියදුරන් 28 දෙනෙක් නිරෝධායනය කර ඇති බවත් තමන්  කතා කරන්නේ හමුදාව විසින් දැඩි ලෙස රැකවල් කරමින් ඇති නිරෝධායන මධ්‍යස්ථානයක සිට බවත් ඔහු කියයි.

“අපි මේ ගමන යන්න ආවෙ රුපියල් 5000ක මුදලක් වෙනුවෙන්. තෙල් වියදම රුපියල් 2000ක්.  ඒත් අන්තිමට සිද්ධ වුනේ අපි කිසිම වෙලාවක නොසිතපු දෙයක්. අපිව දවස් 14ක් නිරෝධායනයට දැම්මා. දැන් ඉතිරි රුපියල් 3000න් ද අපේ දරුපවුල්වලට දවස් 14ක් කන්න දෙන්නෙ.


අපි දුප්පත් මිනිස්සු. අවුරුද්දක් කිසිම ආදායමක් නැතිව හිටිය අපි   මේ ගමන ආවෙ ලොකු ආශ්වාදයකින්… අපි කබලෙන් ලිපට වැටුණා. මේ විදිහට අපේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා කියලා අපි සංගමයක් හැටියට වගකිවයුත්තන්ගෙන් ඉල්ලනවා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු වැඩිදුරටත් කීවේය.

 

Exit mobile version