රුපියල් බිලියන 10.7ක් එක පෑන් පහරින් වැනසූ  මාළඹේ – කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ගැන විගණනය කියන කතාව….

ලලිත් චාමින්ද – 

රජයේ ප්‍රතිපත්තිමය තිරණයක් මත  සැහැල්ලු, දුම්රිය මාර්ග ව්‍යාපෘතිය  නවතා දැමිම හේතුවෙන් මෙම ව්‍යාපෘතිය සඳහා  ඒ වනවිට වැයකොට තිබු රුපියල්  මිලියන 10,677ක මුදලක් අපතේ ගොස් ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

ජපන්, ජාත්‍යන්තර් සහයෝගිතා, නියෝජිතායතනය සමග එළඹ තිබු ණය  ගිවිසුමකට අනුව  මෙම ව්‍යාපෘතිය ආරම්භකොට තිබුණි.   මෙම ව්‍යාපෘතිය අතරමග නවතා දැමිම නිසා  සිදුවු පාඩුව වෙනුවෙන්  ජයිකා JICA සහ OCGJV යන ආයතනවලට  වන්දි ගෙවිම සම්බන්ධව  2022,ජුනි මස 28 දින අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ද අමාත්‍යමණ්ඩලය වෙත ඉදිරිපත්කොට තිබුණි.

එකල පැවති මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය විසින් මෙකි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කොට තිබු අතර ව්‍යාපෘතියේ මුළු ඇස්තමේන්තු පිරිවැය  රුපියල් මිලියන 4381කි. ව්‍යාපෘතිය සඳහා ලබාගත් ණය මුදල  රුපියල් මිලියන 4,886කි.  

එමෙන්ම මෙම ව්‍යාපෘතියේ මුළු ඇස්තමේන්තු පිරිවැය ඉක්මවා  රුපියල් මිලියන  6,296ක මුදලක් වැයකොට තිබු බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි.


මෙම ව්‍යාපෘතියේ ණය කාල සීමාව  වසර 12ක සහන කාලයක්ද ඇතුළත්ව වසර 40ක් වු අතර  කොටස් දෙකකින්   ණය ගෙවිමට ණය ගිවිසුම අනුව ශ්‍රිලංකා රජය එකඟවි තිබුණි. මාස හයකට වරක් පොලි වටිනාකමද අදාල ණය මුදලට එකතුකර තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

 මෙම ව්‍යාපෘතියේ උපදේශන ගාස්තු ලෙස  රුපියල් හාරසිය අනු හතර කෝටි, එක්ලක්ෂ හැත්තෑහතර දහස්, තුන්සිය විසිඑකක මුදලක් වැයකොට තිබුණි (4,940,174,321). 

සේවක පඩිනඩි වශයෙන් වැයකොට ඇති මුදල් රුපියල් දහනමකෝටි, හැටහත්ලක්ෂ, තුන්දහස් දෙසිය අනුඑකකි(196,703,291). 

මෙකි ව්‍යාපෘතිය   නතර කිරිමට  2022, අගෝස්තු මස  15 වැනිදින   රජය විසින් තීන්දුකොට තිබුණි. මෙරට සැහැල්ලු දුම්රිය මාර්ග  සංක්‍රමණ  ව්‍යාපෘතිය  ආරම්භ කිරිමේ  පළමු පියවර ලෙස  මාළඹේ සිට කොටුව දක්වා  ක්‍රියාත්මක කිරීමට සැලසුම්කොට තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ව්‍යාපෘතිය 2019 වර්ෂයේ ආරම්භකොට 2026 වර්ෂයේ දි අවසන් කිරීමට නියමිතව තිබුණි.

Exit mobile version