රුපියල් කෝටි 1720ක බාල සුවඳ විලවුන් කිලෝ එක්කෝටි තිස් අට ලක්ෂයක් අවුරුදු 04ක් තුළ රටට ගෙනත්…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



2015 වසරේ සිට 2019 වසර දක්වා වසර 04ක කාලයක් තුළ රුපියල් කෝටි එක් දහස් හත්සිය විස්සක සුවඳ විලවුන් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය මෙරටට ආනයනය කරන කර ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්‍රාල් අද (23) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.
එම කාලය තුළ ආනයනය කරන ලද සුවඳ විලවුන් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය ප‍්‍රමාණය කිලෝ ග්‍රෑම් එක්කෝටි තිස් අට ලක්ෂයක් බවද අනාවරණය විය.
රාජ්‍ය ඇමැතිවරයා මේ බව කීවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් විසින් යොමුකළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එලෙස ආනයනය කර ඇත්තේ බාල වර්ගයේ සුවඳ විලවුන් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය බවත් ඒ සම්බන්ධව සොයා බලන ලෙසත් පාර්ලිමේන්තු මොහොමඩ් මුසම්මිල් මන්ත‍්‍රීවරයා ඉල්ලීමක් කළේය.

Exit mobile version