රිෂාද්ට පාර්ලිමේන්තුවට ආ හැක්කේ සෞඛ්‍ය නීති අනුව පමණයි

කතානායක දන්වයි

රක්ෂිත බන්ධනාගාර ගත කොට දින 14ක් නිරෝධායනයට ලක්කර සිටින රිෂාඞ් බදියුදීන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට කැඳවිය හැක්කේ සෞඛ්‍ය අංශවල උපදෙස් මත පමණක් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.

පාර්ලිමේන්තුවේදී අද මේ සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා ඉල්ලීමක් කළ අවස්ථාවේදී කතානායකවරයා මේ බව කීය.

මෙහිදී ප්‍රතිචාර දක්වමින් කිරිඇල්ල මන්ත්‍රීවරයා පැවසුවේ “මේ ආකාරයට පළි නොගෙන පී.සී.ආර්. පරික්ෂනයක් සිදුකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ගෙන එන” ලෙසයි.


පවතින තත්වය හමුවේ නිරෝධායන නීතිරීති අනූව කටයුතු කළයුතු බවත් විෂය භාර ඇමැතිවරියට ඒ බව දැනුම් දෙන බවත් කතානායකවරයා මෙහිදී පැවසීය.

බන්ධනාගාරගතව සිටින රැඳවූවන් 32000කගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් රිමාන්ඞ්භාරයට පත්වන සෑම කෙනෙක්ම දින 14 ක් නිරෝධායනය විය යුතු බව මේ සමඟම නැගී සිටිමින් බන්ධනාගාර පුනරුත්ථාපන රාජ්‍ය ඇමැති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කියාසිටියාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එබැවින් රිෂාඞ් බදියුදීන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ගෙන ආ හැක්කේ දින 14 කට පසුව බවද ඇමැතිවරිය කීය.

Exit mobile version